ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලණු දෙන "ඥානා මෑණි" ගැන බුද්ධි අංශ අවධානයෙන්

ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලණු දෙන "ඥානා මෑණි" ගැන බුද්ධි අංශ අවධානයෙන්

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින් රැසකට ජෝතිෂ්‍ය උපදෙස් දෙනුලබන "ඥානා මෑණි" නම් තැනැත්තිය සම්බන්ධව බුද්ධි අංශ අවධානයෙන් පසුවන බව වාර්තා වෙයි.

ගෝඨාගේ හිතවතියක්

අනුරාධපුරයේ සිට සිය ජෝතිෂ්‍ය කටයුතු සිදුකරන "ඥානා මෑණි" හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජෝතිෂ්‍ය කටයුතු කරදීම හරහා ක්ෂේත්‍රයේ නමක් ගොඩනගාගෙන ඇති බවද වාර්තා වෙයි.

එසේම මෙම කාන්තාව මේ වන විට ඔහුගේ පවුලේ හිතවතියක් වන බවත් ඒ හරහා ගොඩනගාගත් සම්බන්ධතා මත මේ වන විට මෛත්‍රී ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් රැසකගේ ජෝතිෂ්‍ය උපදේශිකාව බවට පත්වීමට ඇය සමත්ව ඇති බව බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

එසේම මේ වන විටත් ආණ්ඩුවේ මතුව තිබෙන අර්බුද රැසක් පිටුපස ඇයගේ ජෝතිෂ්‍ය අනාවැකි පදනම් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව මේ වන විට ඇයගේ කටයුතු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස මෙරට බුද්ධි ප්‍රධානීන් නිලධාරීන් වෙත උපදෙස් දී ඇති බවද වාර්තා වෙයි.

2020 ජනාධිපති මෛත්‍රී : හමුදාපති ශවේන්ද්‍ර

එසේම මේ වන විට කුමන දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ වුවත් 2020 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපතිවරයාම වන බවට "ඥානා මෑණි" අනාවැකි පළකර ඇති බවද වාර්තා වෙයි. මේ ආකාරයට වන අනාවැකි පිළිබඳ දැනුම්දෙමින් "ඥානා මෑණි" මේ වන විට ජනාධිපතිවරයාගේද පවුලේ හිතවතියක් සහ ජෝතිෂ්‍ය උපදේශිකාව බවට පත්ව ඇති බවද දැනගන්නට ඇත.

තවද මෙරට මීළඟ හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා පත්විය යුතු බවත් එසේ නොවුණහොත් මෙරට ආරක්ෂාව බරපතල අර්බුදයට ලක්වීමට ඉඩ ඇති බවට "ඥානා මෑණි" අනාවැකියක් පළකර ඇති බවද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට "ඥානා මෑණි" ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත විවිධ බලාපොරොත්තු දෙමින් සහ ඒවා විවිධ දේශපාලන බල ව්‍යාපෘති වල අවශ්‍යතාව මත සිදුකරණ බවක් දක්නට ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට ජනාධිපති උපදේශකවරුන් පවා හෑල්ලුවට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බුද්ධි අංශ වෙත පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න