ආණ්ඩුවේ අර්බුදයට විදෙස් තානාපති සේවා මැදිහත් වෙයි

ආණ්ඩුවේ අර්බුදයට විදෙස් තානාපති සේවා මැදිහත් වෙයි

මේ වන විට මෙරට යහපාලන ආණ්ඩු අභ්‍යන්තරයේ මතුව තිබෙන දේශපාලන ආතතිගත තත්ත්වය සමනය කිරීම වෙනුවෙන් විදෙස් තානාපති සේවා මතිහත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඇමරිකානු තානාපති සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඇතුළු තානාපති කාර්යාල කිහිපයක ප්‍රධානීන් මේ වන විටත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශව මුණගැසී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී පවතින ආණ්ඩුව අඛණ්ඩව පවතිනු දැකීම තම අපේක්ෂාව බවත් 2015 ජනවාරි 08 ජනවරම අනුව ඉදිරි කටයුතු සිදුවෙයි නම් තම සහය ආණ්ඩුවට හිමිවන බවද ඔවුන් දැනුම්දී ඇත.

එසේම එම සාකච්ඡාවලදී ගනුලැබූ එකඟතා මත මේ වන විට යහපාලන සම්මුති ආණ්ඩුව රැකගෙන ඉදිරියට පවත්වා ගෙන යාම වෙනුවෙන් කමිටු දෙකක් යෝජනා කරගෙන ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න