සයිටම් සිසුන් වෙනුවෙන් වූ යෝජනා මාලාවක් ජනපති අතට

සයිටම් සිසුන් වෙනුවෙන් වූ යෝජනා මාලාවක් ජනපති අතට

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයින්ගේ ගැටලුව විසඳීම සඳහා විවිධ පාර්ශව වල අදහස් එක් කොට සැකසූ යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් අද(14) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

එම යෝජනාවලිය හරහා සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ පරාජයට හේතුව සයිටම් සටනට විසදුම් නොදීම

වත්මන් ආණ්ඩුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව සයිටම් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදීම බව සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබුණි.

ඔහු පෙන්වා දී ඇත්තේ රජයේ විශ්වවිද්‍යාල වල සිසුන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසකයේ ඡන්දය මෙවර මැතිවරණයේදී රජයමට හිමි නොවූ බවයි.

සයිටම් සටනට විරුද්ධ වූ ඇමතිවරුත් පරාදයි

සයිටම් අර්බුදය මේතාක්‌ සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකළ ඇමැතිවරුන් හතර දෙනාට පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් අමතක නොවන පාඩමක්‌ උගන්වා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පසුගියදා (12 දා) ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දුන්නේ සයිටම් අර්බුදය සංකීර්ණ කරමින් සිටින සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා බේරුවල ආසනයෙන් මෙන්ම කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් ද හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා සිය මැතිවරණ කොට්‌ඨාසයෙන් මෙන්ම මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එමෙන්ම වර්තමාන උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා නායකත්වය ලබාදුන් මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් ද පසුබෑමට ලක්‌ව ඇති බව කී වෛද්‍ය අලුත්ගේ මහතා සයිටම් ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා විසින් වගකීම පැවරූ රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සිය කෝට්‌ටේ මහ නගර සභා ප්‍රදේශයෙන් දරුණු පරාජයක්‌ ලබා ඇතැයි පවසා තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න