බයිසිකල් රේස් තියපු දඹුල්ලේ පොහොට්ටු නගරාධිපති අධිකරණයට !

බයිසිකල් රේස් තියපු දඹුල්ලේ පොහොට්ටු නගරාධිපති අධිකරණයට !

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම නොතකා පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙකු දඹුල්ල පොලීසිය මගින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පාපැදි සවාරිය ඊයේ (19) පෙරවරුවේ දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණු අතර එහි තරඟ සමාරම්භක සංඥාව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ලබාදුන් බවත් වාර්තා වෙයි.

මේ පිළිබඳව මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ  විසින් 19 දින පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ  අදාල සිද්ධිය පිලිබදව විමර්ශනයක් ආරම්භ කරන බවයි.

ඒ අනුව අද (20) දිනයේ නගරාධිපතිවරයාගෙන් හා පාපැදි තරඟ සන්විධයකවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන කර ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

damullla

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න