වරායේ වැඩත් සේවක ආරක්ෂාවත් රකින්න : ජොන්ස්ටන් ඇමති වැඩ හදයි !

වරායේ වැඩත් සේවක ආරක්ෂාවත් රකින්න : ජොන්ස්ටන් ඇමති වැඩ හදයි !

අද (20) දින වරාය අධිකාරියේ සේවකයින් සමග කල සාකච්ඡාවලින් අනතුරුව ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂණ සේවා මෙන්ම අනෙකුත්  අත්‍යාවශ්‍ය භාණ්ඩ  බාධාවකින් තොරව රටතුලට ගෙන්වීමට හා අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සදහා වූ ක්‍රියාවලිය පවත්වා ගැනීම  සදහා දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පලකල බව වරාය හා නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු   පවසයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  අද දින වරාය සේවකයින් හමුවී පැය පහකට අදික කාලයක් තිස්සේ  ඔවුන්ගේ සේවා පරිශ්‍ර වෙතට යමින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බැලීය.

තවද අඛණ්ඩව සේවාවේ නිරත වනවානම් සේවකයින්ගේ සුරක්ෂිභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත්,සෞඛ්‍ය ආරක්ශිතව සේවා පරිශ්‍රයන් පවත්වාගෙන යාමටත් ,ආරක්ශිතව ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසටත්  අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සහ වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාට උපදෙස් ලබාදෙන ලදී. 

සේවයට පැමිනෙණ සේවකයින්ට පෞද්ගලික වාහනවලින් වරාය දොරටු තුලින් ඇතුළුවීමට අවසර ලභා දී ඇති අතර ජාතික හැදුනුම්පත හා ආයතනික හැදුනුම්පත පෙන්වා වරායට ඇතුළු විය හැක. එමෙන්ම ආයතනික හැදුනුම්පත ඇදිරිනීතිය බලපත්‍රයක් ලෙස භවිතා කල හැක.

වරාය සේවකයින්ගේ පහසුව සදහා ප්‍රධාන පිවිසුම් මාර්ග 07ක බස් රථ යොදවා ඇත.

1.නුවර පාර- කෑගල්ල දක්වා

2.ගාලු පාර- අලුත්ගම 

3.හයිලෙවල් පාර -මීපේ හන්දිය

4.මිනුවන්ගොඩ පාර -දිවුලපිටිය දක්වා ජාඇල හරහා

5.හොරණ පාර-හොරණ දක්වා.

6.පරණ පාර හංවැල්ල අවිස්සාවේල්ල දක්වා 

7.කැලණි විහාර පාර කිරිදිවැල දක්වා 

පාරිහෝජන හා අත්‍යාවශ්‍ය සේවා මෙන්ම සෞඛ්‍ය ආරක්ශණ සේවාවන් සදහා වන භාණ්ඩ රට තුලට බාධාවකින් තොරව ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරන බැවින් ජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ ජනතාවගෙන් ඉල්ල සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න