කොටුව දුම්රිය ස්ථානය සහ වරාය ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් නාවික හමුදාවෙන් විෂබීජහරණය කෙරේ

කොටුව දුම්රිය ස්ථානය සහ වරාය ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් නාවික හමුදාවෙන් විෂබීජහරණය කෙරේ

කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට අතුළුවන ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් දෙවන වරටත් නාවික හමුදාව විසින් ඊයේ විෂබීජහරණයට ලක් කරනු ලැබිණි.

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික, හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඊයේ විෂබීජහරණයට ලක්කළ බව නාවික හමුදාව පැවසීය‍

එසේම වරාය පරිශ්‍රයට අතුළුවන දොරටු ප්‍රදේශයන් ආශ්‍රිතව ද නාවික හමුදාව විසින් විෂබීජහරණ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිණි.

මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජ හරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

navy.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න