වැඩි වැඩියෙන් පරිස්සම් වෙන්න : දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළයි !

වැඩි වැඩියෙන් පරිස්සම් වෙන්න : දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළයි !

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ (20) රාත්‍රීය වනවිට 72 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර එසේ හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසයි. 

ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කර සිටියි.

ඊයේ රාත්‍රීයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 කි.

වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටියි.

සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝගීන් වැඩිම ගණනක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ අයි ඞී එච් රෝහලටය. එම රෝහලට ඇතුළත් කර සිටින සැක සහිත රෝග ලක්ෂණ පවතින රෝගීන් ගණන 88 කි.

පොළොන්නරුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 21 දෙනෙකු  ප්‍රතිකාර ලබන අතර කොළඹ ජාතික රෝහලේ 12 දෙනෙකු, රාගම ශික්ෂණ රෝහලේ 16 දෙනෙකු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 දෙනෙකු, ගම්පහ මහ රෝහලේ 19 දෙනෙකු සහ මීගමුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 13 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් අත්අඩංගුවට !

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය මෙසේ ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමේ එය පාලනය කර ගැනීම වෙනුවෙන් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතත් ඒද නොතකා කටයුතු කළ අවස්ථා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඊට අදාළ පොලිසිය විසින් නිකුත් කල නිවේදනය පහත දැක්වෙයි.

image 3da3b316aa

කොහොම නමුත් මෙවැනි හැසිරීම් විසින් පෙන්නුම් කරන්නේ අදාළ වෛරසය පැතිරීමේ අවධානමේ ඇති බරපතල තත්ත්වය ඇතැම් පාර්ශවයන් තේරුම් ගෙන නොමැති බවය.

corona 19virus therapy opportunities 800x450

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න