ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කළ වැඩේ : කැතයි නින්දිතයි !

 ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කළ වැඩේ  : කැතයි නින්දිතයි  !

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට කෝවිඩ් 19 ආසාදනය වීමේ අවදානම සම්බන්ධව සමාජයෙන් කොන් කර සළකමින් බොහෝ සමාජ මාධ්‍ය හරහා ප‍්‍රවෘත්ති පළ කර ඇති බව එම  ගුවන් සේවය සඳහන් කරයි.

විශේෂයෙන් හෝටල් පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී එම කාර්යමණ්ඩල සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වෙනස් කම් කිරීම් පීඩාවන්ට පත් කිරීම් සහ අපහසුතාවන්ට  පත්කිරීම් අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් බව ද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
 
ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන බවත් ජාත්‍යන්තර ගුවන් ප‍්‍රවාහන සංගමය විසින් ගුවන් කාර්ය මණ්ඩලය තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හැසිරවීමේ අංශ සඳහා නිකුත් කරන ලද ආරක්ෂාව සහ කාර්ය පටිපාටියන් සහ මග පෙන්වීම් සියල්ලම ගුවන් සේවය විසින් සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි. 
 
ශ්‍රී ලංකන් ගුවන් සේවයට සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර සංචාරකයන් හා ආනයනික සහ අපනයනික භාණ්ඩ සමග මුහුණට මුහුණලා කටයුතු කිරීමට සිදුව ඇති බැවින් මෙකී සියලූ අංශයන්හි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා ඉතා ගැඹුරින් පිරිසිදු කිරීමට කටයුතු කරන බව එම ගුවන් සමාගම කියයි.
             
තම කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාට බෝවන රෝග තත්ත්වයන් යටතේ පියාසර කිරීම පිළිබ`ද විධිමත් හා ආරක්ෂිත පුහුණුවක්  ලබා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් සම්බන්ධව නිරන්තර යාවත්කාලින වන බවත් එම ගුවන් සේවය පෙන්වා දෙයි.  

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.