Language Switcher

V2025

කොරෝනා සහන 16 මල්ලේ සහන වතුරේ : බැංකු ණය වාරිකත් පුරුදු ලෙස කපාගෙන !

කොරෝනා අවධානම හමුවේ පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයන්ට ඔවුන් ලබාගත් බැංකු ණය වාරික ගෙවීම කල්දමන සහනයක් ලබාදුන් නමුත් එය වචනයට පමණක් සීමාවූ තත්ත්වයක් බවට චෝදනා නැගී තිබේ.
 
ඒ පසුගිය 23 වනදා මාර්තු මාසයට අදාළ වැටුප් රාජ්‍ය සේවකයන් වෙත ලබාදුන් නමුත් අදාළ බැංකු විසින් එකී ණය වාරික කපාගෙන ඇති නිසාය.
 
මේ වන විට රාජ්‍ය සේවයේ අති බහුතරයක් මේ හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින අතර තමන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සන්නිවේදන ක්‍රම හරහා මේ ගැන බලධාරීන් දැනුවත් කරත් වගකිව යුතු පාර්ශව ඒ ගැන කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔවුන් චෝදනා කරයි.
 
කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර එය ජාතික ව්‍යසනයක් වීම වළක්වා ගැනීම අරමුණු කරගනිමින් මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර එබැවින් බහුතරයක් ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටියි. මෙකී වසංගතය කවදා කොහොම අවසන් වනු ඇත්දැයි ජනතාව සිටින්නේ බලවත් කම්පනයකින් වන අතර එහිදී කොයි මොහොතේ තමන් ආසාදිතයකු වෙයිද ? ජීවිතය අනතුරේ වැටෙයිද යන භීතිය ඔවුන් වෙළාගෙන පවතී. 

එවැනි පසුබිමක රාජ්‍ය සේවකයන් චෝදනා කරන්නේ ජනාධිපති නියමයෙන් කියා සහන 16ක් යටතේ දුන් බව කියන සහනය නොලැබීමත් මෙවැනි මොහොතක පවා ඒ ගැන සංවේදීව ක්‍රියාමාර්ගයක් නොගැනීමත් සම්බන්ධව තමන් දැඩි කළකිරීමකින් සහ දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බවය.
 
එසේම මාර්තු වැටුප බොහෝ රාජ්‍ය සේවක පිරිසකට මාර්තු 23 ලැබුණ බව පවසන ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සහන 16 නිවේදනය කිරීම ආණ්ඩුව එදින රාත්‍රියේ සිදුකිරීම තුළ මේ දුෂ්කරතාව මතුවූ බව මුල්‍ය ආයතන පවසන බවයි. නිසි ක්‍රමවේදයක් තුළ මේ ණය පොළී වාරික කල් දැමීමේ සහනය රාජ්‍ය සේවකයන් වෙත ලබාදීමට ආණ්ඩුවට අවංක අභිලාශයක් පැවතියා නම් කල යුතුව තිබුණේ වැටුප් ගිණුම්ගත කිරීමට පෙර බැංකු සහ මුල්‍ය ආයතන වෙත ඒ බව දැනුම්දීම බවත් ඔවුන් පවසයි. 
 
අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සිට විශේෂයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් මේ ගැන දැනුවත් බවත් සහන අනුමත කරන අවස්ථාවේ හෝ ඒ බව නොතැකීම පෙන්නුම් කරන්නේ ආණ්ඩුව සහන ලබාදීම ප්‍රසිද්ධ කර එයින් ජනතා ආකර්ෂණයක් ලැබීම මිස සැබෑවටම ජනතාවට එකී සහනය දීමේ කැපවීම පෙන්නුම් කිරීමක් නොවන බවටත් ඔවුන් චෝදනා කරයි.
 
එසේම ණය  පොළී වාරික ගෙවීම සහ පොළී අනුපාත අඩු කිරීම වැනි කරුණකදී එය කටවචනයට සිදුකළ නොහැකි බවත් ඒ සඳහා අනුගමනය කල යුතු විධිමත් පටිපාටියක් ඇති බව කියමින් මුල්‍ය ආයතන විසින් දැනුම්දෙන බවත් ඔවුන් පවසයි.
 
එබැවින් ජීවිතය පවා අවධානමේ ඇති, මිනිසුන් නොමැරී ජීවත් වන මෙවැනි වටපිටාවක තමන්ව මානසිකව තවත් ඇද වට්ටන ආණ්ඩුවක් තමන් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. එසේම ජනතාව වෙත ජනාධිපති විසින් ලබාදුන් සහනය නොලැබේ නම් ඒ ගැන පැමිණිලි කරන්නට තවත් කිසිවකු නැතුව තමන් අන්ත අසරණව ඇති බවත් ඔවුන් පවසයි. 
 
කොරානා වෛරසය ව්‍යාප්තවීම හමුවේ ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාව සැලකිල්ලට ගනිමින් මේ 16 ප්‍රකාර සහන මල්ල පසුගියදා ප්‍රසිද්ධියට පත්කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය විසින්ය. ඒ සම්බන්ධව ෆේස්බුක් හී රාජ්‍ය සේවය පිණිසයි යන පිටුව විසින් පලකළ  සහන ගැන වූ  සටහනට රාජ්‍ය සේවකයන් දැක්වූ ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වෙයි.

90021957 582496009009490 9094747223857561600 n

90298737 2514404122144238 1263519708502556672 n90299325 2760510137380468 4701328089043435520 n90662017 515550366060317 7885124127944605696 n

90816458 1124072114607237 4443541708101124096 n90267596 199746284799382 3139015777865170944 n