කොතළාවල ආරක්ෂක පීඨ රෝහලේ කර්නල්ට සහ සාත්තු සේවිකාවකට කොරෝනා !

කොතළාවල ආරක්ෂක පීඨ රෝහලේ කර්නල්ට සහ සාත්තු සේවිකාවකට කොරෝනා !

කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලූදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.

කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත්  රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු අප කළ විමසීමක දී පැවසුයේ, රෝහලට අනුයුක්තව සේවය කරන කර්නල්වරයකුට හා සාත්තු සේවිකාවකට කොරෝනා ආසාධනය වී ඇති බවත් ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කළ බවත්ය.

ඔවුන් දෙදෙනාගේ තත්වය යහපත් බවද  ඔහු පැවසීය.

කර්නල්වරයාගේ දරුවන් දෙදෙනා හා ඔහුගේ බිරිඳගේ මව  මේවනවිට රෝහල් ගතකර ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව පැවසු එම වෛද්‍යවරයා, ඔවුන් ද රෝහල් කාර්ය මණ්ඩලය පිරිසක් ද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයිද පැවසීය.

ස්වයං නිරෝධායන උපදෙස් කැඩූ ගර්භණි කාන්තාවට කොරෝනා !

මේ අතර පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත. ඒ, එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.

එහෙත්, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක මාතෘ සායනයකට ද එක්ව ඇත.

එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇති බව වාර්තාවේ.

මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී තිබේ.

රෝහලට මුද්‍රා තබයි  !

ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් මෙවැනි ආකාරයේ සිදුවීම් කිහිපයක්ම පසුගිය සති දෙක තුලදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න