ඊයේ නැති ආසාදිතයින් අද : ලංකාවේ 106 යි : ලෝකයේ ලක්ෂ 05 පනියි !

ඊයේ නැති ආසාදිතයින් අද : ලංකාවේ 106 යි : ලෝකයේ ලක්ෂ 05 පනියි !

මෙරට තුළ අද  (26) වන විට  කොවිඩ් 19  වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද(26)රාත්‍රී 09 ට තවත් ආසාදිතයින් දෙදෙනෙකු එක් වීමත් සමඟ මෙලෙස සමස්ත ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ.

මීට පෙර රාත්‍රී 7 ට කොරෝනා ආසාදිතයින් බවට පුද්ගලයින් දෙදෙනෙකු තහවුරු කරනු ලැබීය.ඒ අනූව ඊයේ (25) දිනයේ කිසිදු කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අයෙකු වාර්තා නොවූවත් අඅද තත්ත්වය වෙනස්වී ඇත.

එසේම මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එය කඩකිරීම සම්බන්ධව පුද්ගලයන් 3296ක් අඅත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

ලෝකයේ ආසාදිතයින් ලක්ෂ 05 පනියි !

මේ අතර ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම හමුවේ ලොවපුරා ආසාදිතයින් 503262 ක් වාර්තා වන අතර එයින් මියගිය සංඛ්‍යාව 22340ක් ලෙස වාර්තා වෙයි.

තවද මේ වන විට ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් 12227ක් සුවවී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න