පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වා දෙන යන වෙබ් අඩවියක සඳහන් වේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු ඇතැයි එම වෙබ් අඩවිය අනතුරු හඟවා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව ගෙදර යනවාද? එසේ නොමැති නම් එජාප ආණ්ඩුවත්, පක්ෂයත් ඉවර කොට හිරේ යනවාද..? යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුව ඇති තීරණාත්මක මොහොතක් එළඹ ඇති බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.


