ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා !

ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා !

"ආදාහනයද? භූමදානයද?" මැයෙන් තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් නීතිඥ දිනේෂ් දොඩංගොඩ අවධාරණය කර ඇත්තේ කොරෝනා පාලනය කිරීමට අදාලව ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවය.

ඒ සම්බන්ධව සාක්ෂි සටහන් තුනක්ද ඔහු උපුටා දක්වා ඇති අතර එය පහත දැක්වෙයි.

කොරෝනා වැළදී මියගිය අයෙකුගේ දේහය පිළිබද අවසාන කටයුතු සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අනුව යමින් 2020 මාර්තු 27 වන දින දරන ලද ස්ථාවරය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීමට වෙනස් මතයක් දරමින් 2020 මාර්තු 31 වන දින සංශෝධනය කර ඇති බව පෙනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 24 නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මියගිය කොරෝනා රෝගියෙකුගේ දේහයක් අදාහනය හෝ භූමදානය කළ හැකි බව, එහි 2 වන පිටුවේ දක්වා ඇත.

එකී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව යමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 27 වන දින මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලද අතර, එහි 28 වන පිටුවේ දක්වා ඇත්තේ මියගිය කොරෝනා රෝගියෙකුගේ දේහයක් ආදාහනය හෝ භූමදානය කළ හැකි බවත්, භූමදානය කරන අවස්ථාවේදී එම දේහය ස්පර්ශ නොකරන බවට වග බලා ගත යුතු බවත් ය. 

එහෙත්, එකී මාර්ගෝපදේශ වලට වෙනස්ව යමින් යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන දින එකී මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර ඇති අතර, ඒ අනුව එහි 25 වන පිටුවේ දක්වා ඇත්තේ දේහය හැකි නම් පැය 12 ක් තුළ හෝ, එසේ නොහැකි නම් පැය 24 ක් තුළ ආදාහනය කළ යුතු බවයි.

ඒ අනුව භූමදානය කිරීම එකී මාර්ගෝපදේශ මාලාවෙන් මාර්තු 31 දා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට වෙනස්ව යමින් සිදු කර ඇති බව පෙනේ.

නීතිඥ දිනේෂ් දොඩංගොඩ

FB IMG 1585687680232

FB IMG 1585687682777

FB IMG 1585687677532

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න