කොරෝනා වැඩියෙන් පතුරවන්නේ අඩුවෙන් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් !

කොරෝනා වැඩියෙන් පතුරවන්නේ අඩුවෙන් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් !

විශේෂයෙන් කොරෝනා රෝගයේ දී රෝගින් ගෙන් 20% ක් රෝග ලක්ෂණ මතු නොවන අතර තවත් 60 % කට රෝග ලක්ෂණ මතුවන්නේ ඉතා සුළු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි .

මේ නිසා කොරෝනා වයිරසය වැළදී රෝගය අන් අයට සම්පේ‍්‍රෂණය කරන පිරිස අතරින් 80 % ක්ම රෝගය පතුරන බව බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු කාණ්ඩයට අයත් බව ද එම සංගමය පෙන්වා දෙයි.

කොරෝනා රෝගය වැළදී ඇත්දැයි සොයා බලන පී සී ආර් පරික්ෂණයේ දී 30% කට රෝගය වැළදී තිබුණත් රෝගීන් ලෙස හදුනාගැනීමට නොහැකි වන බවත් ඔවුන් හරහා ද රෝගය වැළදීමේ ප‍්‍රවනතාවක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි. 

වගකීම් විරහිත ලෙස කටයුතු කරන පුරවැසියන් පිරිස ඉතා සුළු පිරිසක් වුවද ඔවුන්ගෙන් සිදුවන  හානිය අති විශාල යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ නිසා ඇදිරි නීතිය පැනවීම වැනි මේ දක්වා භාවිතා කල ක‍්‍රමවේදයන් තවත් දැඩි ලෙස ක‍්‍රියාත්මක කළ යුතු යැයි එම සංගමය කියයි.

එමෙන්ම රෝග ස්පර්ශකයන් නිවැරදි නිරෝධායනයට ලක්කිරීම ද අත්‍යවශය යැයි පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අත්‍යවශය රාජකාරිවල දී නිරෝගි තරුණ පිරිස් යොදවා ගැනිමේ වැදගත්කම ද පෙන්වා දෙයි.

රෝගයේ සංකුලතා වැඩි හා අවදානම වැඩිවන්නේ අවුරුදු 60 ට වැඩි අයට බවත් රෝහල් පද්ධතියේ ඇදන් වැඩි  ප‍්‍රමාණයක් ඔවුන් වෙනුවෙන් වෙන් වීම වැළැක්වීම සදහා ඔවුන් නිවෙස් තුළම රදවා ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරි්න්ගේ සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා උපයෝගී කරගෙන කඩිනම් රෝග හදුනාගැනීමේ ක‍්‍රම රට තුළට ගෙන්වා ගැනීමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි නිරෝධායනයට ලක්කර සිටින පිරිස නිරන්තර පරික්ෂණවලට ලක්කර යුතු යැයි ද එම සංගමය යෝජනා කරයි.

එමෙන්ම දැඩි සත්කාර ඒකක ඇතුඵ පහසුකම් ඇති රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල කොරෝනා රෝග ප‍්‍රතිකාර සදහා සුවිශේෂී රෝහලක් ලෙස සූදානම් කරන්නැයි ද එම සංගමය ඉල්ලා සිටියි.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න