ඖෂධ හා ඉන්ධන හැර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නැවැත්වීමේ තීන්දුවක් !

ඖෂධ හා ඉන්ධන හැර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නැවැත්වීමේ තීන්දුවක් !

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු අත්‍යවශ්‍ය නෙවෙන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද (02) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කළේය. 

තවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පැවසුවේ අත්‍යඅවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමේ අරමුණ ශක්තිමත් දේශිය කර්මාන්ත ආරම්භ කිරීම බවයි.එහිදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද අදහස් දැක්විය. ඔහු පැවසුවේ ණය වාරිකයන් කල්දැමීමට ලෝකයේ මුල්‍ය ආයතනවලින් ඉල්ලිමේ යෝජනාව ජනාපති විසින් ඉදිරිපත් කළ බවයි.

වැඩපිළිවෙළක් නැතිකම මිස වෙන මොකුත් නෑ !

මෙවැනි තීන්දු ආරම්භයේ ජනප්‍රිය විය හැකි නමුත් ටික  දිනක් යන විට ආණ්ඩුව සම්බන්ධව ජනතාව කළකිරීමට පත්වීමේ වැඩි ඉඩක් ඇති බව මේ සම්බන්ධව අදහස් දක්වන විචාරක මතය වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙබඳු උපක්‍රම වෙනත් රටවල් තීන්දු තීරණ ගන්නන්වාලේ ගෙන අත්හදාබලා අසාර්ථක වූ ඒවා බවයි.එබැවින් ඉන්ධන සහ ඖෂධ හැර අනෙක් දේ ආනයනය නවත්වන්න තීරණයක් ඇත්නම් එය නිශ්චිත වැඩපිළිවෙළක් තුළ ක්‍රියාවට නැංවීම අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙයි.

තවද ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධව පැහැදිලිතාවක් නොමැති බවත් විවිධ අත්හදාබැලීම් සහ එකෙනෙක පරස්පර යෝජනා තීරණ සමග ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධව ආණ්ඩුවේ කියා නිශ්චිත දෙයක් නොපෙන්වන බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න