පුවත්
පොල් මිල ගැසට් පත්‍රය ඉවතට !
පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18) ප්‍රකාශයට පත් කර ඇත.
2020 සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.
එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.
කෙසේ වෙතත් ගැසට් පත්‍රයේ මිලට වඩා ඉතා අධික මිලකට වෙළදපොලේ පොල් අලෙවි විය.
පාසල් සිසුන්ට යහපාලනය නොමිලේ දෙන්න ගිය ටැබ් ! මේ ආණ්ඩුවෙන් ගෙවීමේ ක්‍රමයට !
යහපාලන ආණ්ඩුව විසින් පාසල් සිසුවියන් වෙනුවෙන් නොමිලේ ටැබ් පරිගණක ලබාදීමට එවකට විපක්ෂයේ සිටි ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් විරුද්ධ විය.
ඒ ටැබ් භාවිතය නිසා ඇතිවන දරුණු ලෙඩ රෝග ගැන පවා බිල්ලන් මවමින්ය.
නමුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ පාසල් සිසු සිසුවියන්ට සහනදායක ක්‍රමයකට ‘ටැබ්’ පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවයි.
අධ්‍යපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව මෙම ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දෙන බවද ඔහු පැවසීය.
එමෙන්ම දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එදාා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධ වූ ගම්මන්පිල අමාත්‍යවරයා අද නිහඬය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස එදාා සිට් සියල්ලන් නිහඬය.මේ ආණ්ඩුවේ සේරම වැඩ රිවර්ස් නිසා කියන දේවල් කෙරෙයිද නැද්ද දන්නේ නැත.
නමුත් මේවා කෙරෙන්න ඕන වැඩය.
අධ්‍යයනයට වඩා පොලිසියට වැඩි බරක් !
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අලුතින් පොලිස් ස්ථාන 197ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
මහජනතාවට පොලිස් පැමිණිලි කිරීමේදී ඇතිවන අපහසුතා මඟහරවා ගනිමින් පහසුවෙන් පැමිණිලි කිරීම සඳහා නව පොලිස් ස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි. එම වැඩපිළිවෙල යටතේ පොලිස් ස්ථාන 57ක් දැනටමත් ස්ථාපිත කර ඇති බවත්, ඉතිරි පොලිස් ස්ථානද හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පවසයි.
නව පොලිස් ස්ථාන හරහා මහජනතාව සමඟ පොලිසිය වැඩි වැඩියෙන් සම්බන්ධ වන විට අපරාධ කිරීමට සමාජයේ පවතින ඉඩ ඇහිරෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (18) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
සමාජයක අපරාධ අඩු කිරීමටත් නීතිගරුක, විනයගරුක, ශික්ෂණයක් සහිත පුරවැසියන් බිහි කිරීමටත් අපේ රටේ අධ්‍යාපන පද්ධතිය මඟින් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. කොවිඩ් වසංගතය රට පුරා පැතිරීම හමුවේ මෙරට පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනයද කඩා වැටී ඇති අතර ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් අහිමි වීමෙන් සිසුන් මෙන්ම දෙමාපියන්ද අතිශය පීඩාවට පත්ව සිටී. එවන් පසුබිමක අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරනවා වෙනුවට ආණ්ඩුව අලුතින් පොලිසි කොපමණ ප්‍රමාණයක් ඉදිකරනු ලැබුවත් මහජන ආරක්ෂාව, නීතිගරුක සමාජයක් ගොඩනැගිය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
(Lanka truth )
පොස්පේට් නැතිවුණ විමල් බුකියේ තැබූ සටහන මෙන්න !
විමල් වීරවංශ ගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම එම අමාත්‍යාංශයෙන් ඉවත් කර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වන කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ගැසට් නිවේදනයක් හරහා මේ සිදුව ඇති අතර ඊට පසු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබේ.
එම සම්පූර්ණ සටහන මෙසේය.
1974 දී ආරම්භ කල ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේයි. ජාතියට අගන දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කල හැකි පරිදි යොදාගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතක්. 2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ථ ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබුණි. ඊට හේතු වුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කල ආසනයේම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමයි.
2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පෙට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත්, ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුනා. එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු උනා.
කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබුනා. සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අපි ලබාදුන්නේ රුපියල් 10 කට. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබුනා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබුනා. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවා.
එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ”ජෛව හරිත පොස්පේට්” නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුධය සමග අවස්ථා කිහිපයකදී එය ප්‍රමාද උනා. නමුත් මේ මස 23 වනදා අමාත්‍යාංශයේදී ”ජෛව හරිත පොස්පේට්” පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබුනා.
කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහාමකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නා. අඩුම තරමේ එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුල පවතින ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවා. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබුනා.
කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..!
– විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)
වීරවංසගේ කෑල්ලක් මහින්දානන්ද යටතට..
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ (18) දිනයේදී සිදු කර තිබෙන්නේ අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම පැවරීම සිදු කර තිබේ.
මෙතෙක් එම ආයතනය අයත්ව තිබුණේ වීරවංස ඇමතිවරයා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයට වේ.
නව පැවරීමත් සමඟ එම ආයතනය මහින්දානන්ද ඇමතිවරයා යටතේ ඇති කෘෂිකර්ම අමාත්‍යංයට අයත් වේ. මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
එසේම ඊයේ දිනයේ කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩු වූ තනතුර සඳහා වරයා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක පත් කර ඇති බවයි.
දයා රත්නායක ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙසද වාර්තා වේ.
ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.
මේ පිළිබද ඇමති වීරවංශ ඔහුගේ මුහුණු පොතේ පල කර ඇති පෝස්ටුව පහත පළවේ.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්..
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ සුදත් සමරවීර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බවය.
එම ස්ථාන මාරුව ඊයේ(18) දින සිදුකර තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අරුණ ජයසේකර මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.
රනිල් - සජිත් ගැටුමෙන් මන්ත්‍රීවරුන් 750 කගේ තනතුරු අහිමිවේද? : කියවන්නම ඕන ලිපියක් !
චීන කොමියුනිස්ට් පක්ෂයට සීයයි : රනිල් ලෝක සාමය සිහිකරයි !
විමල්ගේ අමාත්‍යාංශයේ සිටි බැසිල්වාදි ලේකම්ගේ ඉල්ලා අස්වීමත් : ප්ලෑන් එකේ කොටසක්ද ?
ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන සුළියක ලකුණු පෙන්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ඉල්ලා අස්වී විශ්‍රාම ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
රාජපක්ෂ පවුලේ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ ගේ අතිශය සමීපතමයකු ලෙස ඔහුව හැදින්වෙන අතර කුප්‍රකට සුදුරෙදි නඩුවේද චෝදනා ලැබූවෙකි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්ව අතර ගැටුමේ කොටසක් ලෙස මේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි.ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර වෙත යොමු කර ඇති බවත් වාර්තා වෙයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමඟ ඇතිවන රාජකාරිමය මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් තමන්ට නිල වශයෙන් විශ්‍රාම යාමට තවත් වසර හතරක කාලයක් ඇතැයිද අනූෂ පැල්පිට පැවසූ බවත් ආණ්ඩුව හිතවාදි මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර වරාය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ විශ්‍රාමික ජනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ඇත.
සංචරණ සීමා ගැන අලුත්ම නිවේදනය !
දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවත් නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එසේ පැනවෙන සංචරණ 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.
හමුදාපති ගේ මේ ප්‍රකාශය තහවුරු කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයත් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
කබ්‍රාල්ගේ තවත් හතරවරං බොරුවක් පත්තුවෙයි !
කොවිඩ් වසංගතය වෙනුවෙන් මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රය හරහා සහ රජයේ මැදිහත් වීමෙන් රුපියල් බිලියන 4,000ක සහන ලබා දී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් කර තිබෙන ප‍්‍රකාශය මුළුමනින් ම ජනතාව නොමඟ යවන සාවද්‍ය කරුණු දැක්වීමක් බව හෙළි වේ.
ඔහු සඳහන් කර තිබෙන්නේ, රජය මැදිහත් වීමෙන් මහ බැංකුවේ නියාමනය යටතේ මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයෙන් සහ රජයෙන් ලබා දී ඇති මුළු සහන ප‍්‍රමාණය රුපියල් බිලියන 4,000ක් වන බව ය. එය රුපියල් කෝටි හාර ලක්‍ෂය (රු. කෝටි 4,00,000)කි. මෙම වසරේ රජයේ මුළු වියදම බිලියන 4,000කට අඩුවෙන් ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රකාශය එක් පැත්තකින් අසත්‍යය වී තිබේ.තව පැත්තකින් මෙරට මුළු බැංකු පද්ධතිය විසින් ම 2020දී ලබා දී තිබෙන ණය සහ අත්තිකාරම්වල මුළු එකතුව රුපියල් බිලියන 9,091.7කි. එය 2019දී බිලියන 8,122.4කි.
මේ අනුව කොවිඩ් වසංගතයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බැංකු ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පොදු ජනතාවට රජය මැදිහත් වීමෙන් රුපියල් කෝටි 400,000ක සහනාධාර ලබා දී ඇති බව ප‍්‍රකාශ කිරීම ද බොරුවක් වී තිබේ.මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ ජනතාව නොමඟ යවන මෙම ප‍්‍රකාශයට රජයේ ‘දිනමිණ’ පුවත්පත විසින් අද විශාල ප‍්‍රසිද්ධියක් ලබා දී තිබේ.
මේ වන විට ආණ්ඩුවේ ඇමැතිවරු ජනතාව නොමඟ යවන මෙවැනි විවිධ ප‍්‍රකාශ නාට්‍යානුරූපිව විශාල වශයෙන් සිදු කරමින් සිටිති.
Lanka truth
දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න - අගමැති
පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳිමට ඉඩ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
”පෙර පාසල කියන්නේ තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න”
පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ ‘ගුරු අභිමානී’ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
‘ගුරු අභිමානී’ ජාතික උත්සවය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන අය මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ.
මේ අතර ‘ගුරු අභිමානී’ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ=ගේ සුරතින් අදාළ දීමනා ප්‍රදානය කෙරිණ.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ස්ථාපනය කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද මෙම උත්සවයෙදී සංකේතාත්මකව සිදු කෙරී ඇත.
අග්‍රාමාත්‍යවරයා උත්සවය අමතමින් පවසා ඇත්තේ, පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙන මෙම දීමනාව විධිමත් පුහුණුවකින් පසු ස්ථිර මාසික වැටුපක පිහිටුවීම සඳහා ගත් ආරම්භයක් පමණක් බවත් ය.
පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබාදීම අතිශය වැදගත් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, විශ්ව විද්‍යාල මට්ටමෙන් උපාධිය දක්වා දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කර ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.
http://newstube.lk/news?start=7992#sigProId92e39280c9
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් පොසිටිව්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඩ් - 19’ වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.
මීට ආසන්න දින කිහිපයේදී සත්වෝද්‍යානයේ විසූ සිබ්‍රාවෙකු හා හිපපොටේමස් සත්වයෙකුද හැටියේ මිය ගොස් ඇති බවත් එම සත්වයින්ගේ මරණයට හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.
කොවිඩ් ආසාදනය වී ඇතැයි පැවසෙන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන ආ තෝර් (Thor) නමැති සිංහයාට බව පැවසේ. සත්වෝද්‍යානයේ සිංහ දූපතේ 2012 වසරේදීම මෙරටට රැගෙන ආ ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බවද පැවසේ.
දින කිහිපයක් තිස්සේ කැස්සකින් හා උගුරේ වේදනාවකින් මෙම සිංහයා පීඩා විඳිම පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සිංහයාගේ සෙම පටල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමු කර තිබේ. එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂාවේදී සිංහයාට කොවිඩ් බවට තහවුරු ඇත.
මෙම සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers) දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් මේ වනවිට නිරෝධායනය කර ඇති බව පැවසේ.
සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් ඇති අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැත.
වදය විනාශවී යනතෙක් ගල් ගහනවා : බැසිල් පාර්ශ්වය දන්වයි !
online ඩිලිවරි රිවර්ස් : සුරාව නිසා ආයතන පැටලේ !
චීන වෛරසය හමුවේ රටේ සංකීර්ණ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම පමණක් නොව සරල භාණ්ඩ බෙදාහැරීමක් දක්වා කිසිවක් සම්බන්ධව වැඩපිළිවෙළක් නොමැති බව පෙන්නුම් කරයි.
එක් පසෙකින් ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකිව සිටින ආණ්ඩුව රාජ්‍ය ආදායම් ද අහිමිව වඩවඩාත් දුෂ්කර තත්ත්වයක් වෙත ගමන් කරමින් තිබේ. විශේෂයෙන් ආනයන පාලනය හේතුවෙන් රේගු බදු අහිමිව ඇති ආණ්ඩුව දැන් රට වසා සුරාබදු ද අහිමි කරගෙන සිටියි.
සුරාබදු ආදායම් යළිත් සක්‍රීය කිරීමට online පහසුකම යටතේ මත්පැන් බෙදීම සඳහා අවස්ථාව දීමට තීන්දු කෙරුණත් මේ වන විට නිසි ප්‍රතිපත්තියක් නොමැතිව යළිත් එය අත්හැර ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැති බව තහවුරු කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාරිය ලිපි ලියන්න ගෙන ඇත.
පහත දැක්වෙන්නේ ඒ ලිපියයි.
වියත් මගේ ගොඩහේවාට මාතර ගුටියක් !
සැපවාහන ගෙන්වීමට එරෙහිව ජවිපෙන් පෙත්සමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) පෙරවරුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබේ.
නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් ගොනු කර ඇති සිය පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත් වහාම එම තීන්දුව අත්හිටුවීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙසය.
ජාතික රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද (17) පවත්වා තිබේ.
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණය අරඹා ඇත.
දින 180 සම්පුරණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙස සහ අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් රජයට බලකරමින් එම උද්ඝෝෂණය පවත්වා තිබේ.
මේ සඳහා ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිට ඇත.
Page 445 of 447