මම අද ලියන්නේ මාලිමාවට ඡන්දය ලබා නොදුන් මිනිස්සුන්ට නෙවෙයි. මම අද ලියන්නේ ජනාධිපතිවරණයේත්, මහමැතිවරණයේත්, පුංචි ඡන්දයේත් එක් වරක් හෝ මාලිමාවට ඡන්දය දුන් මිතුරන්ට.
සහෘදයනි...,
මාලිමාව බලයට ගෙන ඒමෙන් ඔබ බලාපොරොත්තු වුණේ වෙනස්, දියුණු සංස්කෘතියක්.
නමුත් එය කිසිදා ඉටුනොවන සිහිනයක් බවත්, අවසානයේ සිදුවන්නේ පුරා වසර 76 ක් තිස්සේ ගොඩනැගුණු යහපත් දෑ පවා අවසන් වීම බවත් අප දැන සිටියා. නමුත් ඔබ මාලිමාව විශ්වාස කළා. එදා මාලිමාවට එරෙහිව වචනයක් කතා කළ මිනිසුන් පවා ඔබට, රට විනාශ කිරීමට පැමිණි සතුරන් ලෙස පෙනුණා.
ඔබ සාධාරණයි.
ඔවුන් වචනයෙන්, පොරොන්දුවලින්, හීනවලින් මිනිස්සු රවට්ටන්න දක්ෂයි. දැන් ඔබගේ ඡන්දයෙන් අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක් පත් වෙලා අවුරුද්දයි. ඔවුන්ට ලබා දුන් කාලයෙන් පහෙන් එකක්ම අවසන්.
ඔබ අවංකව උත්තර දෙන්න.
මේ පසුගිය අවුරුද්දට මාලිමාවට ඔබගේ සිහින, බලාපොරොත්තු වලින් දශමයක් හෝ ඉටු කරන්න හැකි වුණාද ?
ඔව්!
ඔවුන් ආර්ථිකය හැසිරවීමට දක්ෂයන් නෙවෙයි. ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩනැගීමට තබා, තිබුණු ස්ථානයේ පවත්වාගෙන යාමට පවා බැහැ. දිනෙන් දින ආර්ථික වර්ධන වේගය හැකිලෙනවා. 2027 දී අප යළිත් දරුණු අර්බුධයක් කරා පියනගමින් ඉන්නවා.
නමුත් ආර්ථිකය අමතක කරන්න.
බලාපොරොත්තු නොවූ බලාපොරොත්තු
අවම වශයෙන් ඔබ බලාපොරොත්තු වූ දියුණු, උසස්, නව දේශපාලන සංස්කෘතිය හෝ ඉටු කිරීමට ඔවුන්ට හැකි වුණාද? ඔබගේ ඡන්දයෙන් මාලිමාවට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකට ලක්මාලි හේමචන්ද්‍ර පත් කළා. ඇගේ උද්ධච්ඡ, මාන්නක්කාර හැසිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? රාජ්‍ය නිළධාරීන්ට අධිකරණ නියෝග පවා ඉටු නොකරන ලෙසට අණ දීමට තරම් නරක සහ අනීතික ක්‍රියා ඔබ බලාපොරොත්තු වුණා ද?
මාලිමාවේ ඇමතිලාගේ කෝටි ගණනක වත්කම් ඔබ බලාපොරොත්තු වුණා ද? රටේ ඉහළම පුටුවේ සිට ඇමතිවරුන් දක්වාම සියලූ ම දෙනා ඔබගේ මහජන බදු මුදලින් සිය අනියම් ප්‍රේම සම්බන්ධතා නඩත්තු කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඇමැතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන්ට ඔබගේ බදු මුදලින් විදෙස් සංචාර හිමි වීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ දියණියන් රටේ වැදගත්ම අමාත්‍යංශ පාලනය කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ගල් අගුරු ටෙන්ඩරයේ සිට හාල් ටෙන්ඩර දක්වාම රජයේ ප්‍රසම්පාදන වලින් සිදුවන මගඩි ඔබ බලාපොරොත්තු වුණා ද?
විදුලි සේවකයන් ඇතුලුව ලක්ෂයක් හෝ නිහඬ කර බලය පවත්වා ගන්නා බව කියන රංජන් ජයලාල්ගේ කතා ඔබ බලාපොරොත්තු වුණා ද? ඔබ පත් කර යැවූ 'උගතුන්' මන්ත්‍රී කටු දරද්දී, පැලවත්තේ කල්ලිය විසින් රට පාලනය කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඔබ විසින්ම උත්කර්ෂයට නැගූ ටිල්වින් සිල්වාට රාජයේ තීරක බලය හිමිවීම ඔබ බලාපොරොත්තු වුණාද? බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඔබව රැවටීම ඔබ බලාපොරොත්තු වුණා ද? රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරමින්, රාජ්‍ය සේවය පැලවත්තේ බූදලයක් වීම ඔබ බලාපොරොත්තු වුණා ද?
සෑම මගඩියක්ම හෙළිවීමෙන් පසුව උද්ධච්ඡ ස්වරයෙන් පැමිණිල්ලක් දමන්න යයි කියා, දමනා පැමිණිලි යට ගසනා පොලීසියක්, අල්ලස් කොමිසමක් ඔබ බලාපොරොත්තු වුණා ද? මින්පෙර ඔබ ඡන්දය දුන් දේශපාලන බලවේග විසින්ම මහා සටනකින් ඇතිකළ ස්වාධීන කොමිසම් සභා තුට්ටුවකට මායිම් නොකරමින්, සියලූම බලයන් දේශපාලන අධිකාරියට යටත් කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? තවමත් වසන්තට, කුමාර ජයකොඩිට තබා ලක්මාලි හේමචන්ද්‍රටවත් නීතිය ක්‍රියාත්මක නොවන රටක් ඔබ බලාපොරොත්තු වුණාද ?
(Sachin Rathwatte)
උපුටා ගැනීම Bai Thaksalawa - බයි තක්සලාව Face book පිටුවෙන්