අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිකුලප්පුව සහ හරිනි අමරසූරිය අගමැතිතුමියගේ ලිංගික නැමියාව පටලවා නොගත යුතු යි. අපි බලාපොරොත්තු වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වූයේ සංවාද ප්‍රතිසංවාදවලින් පුළුල් සාකච්ඡාවකට බඳුන් වීමකින් පසුව සිදුකළ යුතු දැවැන්ත වැඩ පිළිවෙළක්.
ප්‍රතිසංස්කරණ පුළුල්ව සාකච්ඡාවකට බඳුන් කළ යුතු යි
මේ සංවාදය තුළ මෙතෙක් සාකච්ඡාව තුළ දැනට තිබෙන තරගකාරී හැල්මේ දුවන අධ්‍යාපනය වෙනුවට නිදහස් සාරගර්භ පුරවැසියන් බිහිකරන, සාරධර්මවලින් පිරිපුන්, නිදහස් චින්තනයට මග පෙන්වන, විශේෂයෙන්ම රටේ අද පවතින විෂමතා අවම කරන ක්‍රමයක් බලාපොරොත්තු විය. ඒ වෙනුවට අද ක්‍රියාත්මක කරන්න යන කඩිකුලප්පුව පදනම් විරහිත ය. එයින් අදහස් කරන්නේ ජාතික ධනය යොදා වියදම් කළ ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ම වෙනස් කිරීම නොවේ. එම ප්‍රතිසංස්කරණ පුළුල්ව සාකච්ඡාවකට බඳුන් කළ යුතු වීමයි. හදිසි කඩිකුලප්පුවක් සමග මේ කළ ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යනය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ට දොස් කීම ගැන විරුද්ධ වීමට නොහැකි ය.
එහෙත්...
සමරිසි විරෝධය ක්‍රිස්තියානි මුලධර්ම වාදයේ ම කොටසක්
අතීත ලංකාවේ අපේ බෞද්ධ සංස්කෘතිය තුළ කිසිම දවසක සමරිසි කියලා දඬුවම් දුන්නේ නෑ. මේක සම්පූර්ණයෙන් ම අපේ සංස්කෘතිය කණපියට හැරවීමක්. මට වඩා හොඳින් දන්නවා කොහොම ද අපේ දණ්ඩ නීති සංග්‍රහය ට මේ නීතිය ආවෙ කියලා. මේක ක්‍රිස්තියානි මුලධර්ම වාදයට අනුව ආපු එකක් මිස අපේ බෞද්ධ සදාචාරයෙ කොහෙවත් මේක මෙහෙම එකක් නෑ. ඔය පූජකයො සහ ගණින්නාන්සේලා කෑ ගහන්නෙ වලිගෙ පාගාගෙන කියන එක හොඳට අවබෝධ කරගන්න ඕනෑ. අනික බොහෝ කෑ ගහන උදවිය දන්නවා මේ රටේ කරන තරම් ලිංගික අපරාධ කරන්නේ විරුද්ධ ලිංගිකයො කියලා. සමරිසි කියන එක ප්‍රවර්ධනය කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවිකව කෙනෙක් ගෙ පිහිටන දෙයක්. ඒකට අවහිර කරන අපරාධ නීතිය වෙනස් කරන්න ඕනෑ. හණමිටිය අයින් කරන්න රජයට බල කරන්න ඕනෑ.
හරිණිට විතරක් නොවෙයි ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගෙ ලිංගික නැමියාව රිසි ලෙස ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් නීති හදන්න ඕනෑ විතරක් නොවෙයි, ඒවාට අපහාස කරන අයට විරුද්ධව කටයුතු කරන්න නීති සංශෝධනය කරන්න ඕනෑ. එහෙම කරන්න අපි රජයට බල කරන්න ඕනෑ. කිසිම ආගමකට බෑ ඒක නවත්තන්න. විශේෂයෙන් බෞද්ධ යැයි කියාගන්න අයට කොහෙත්ම බෑ මේකට විරුද්ධ වෙන්න, මොකද බුදුන් වහන්සේ ගේ ධර්මයෙ තමයි මේ ගැන විශිෂ්ට විග්‍රහයක් තියෙන්නෙ සහ ඒක මානවීය ස්වභාවයක් කියන පැහැදිළිවම සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා හරිණිට විරුද්ධව කතා කරන හැම පැඟිරි නැට්ටෙක්ට ම සිද්ධ වෙනවා වලිගෙ හපා ගන්න.
Sumana wijeratna

