මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යන විට එය අවසන්වරට නතර වූයේ ත්‍රිපෝලි හමුදා කඳවුර වෙත නිකුත් කළ සිම් කාඩ් පහ පිළිබඳ සොයා බැලීම අවසන් වීමෙන් යැයි මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.
ලසන්ත ඝාතනය කළ මොහොතේ ඔහුගේ වාහනය ලුහුබැඳ ගිය පිරිස භාවිත කර තිබුණේ එම සිම් කාඩ් පහ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබුණු බව ද ලසන්ත පැහැදිලි කළේ ය. අදාළ පරීක්ෂණ ඒතැනින් නතර කළ බව ද ඔහු අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී ලසන්ත රුහුණගේ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත විඩියෝව යි.
මෙම වීඩියෝව උපුටා ගත්තේ Don Maya Unedited Sinhala දොන් මායා you tube නාලිකාවෙනි.

