ලෝක ආර්ථික සමුළුවට සහභාගි වනවා නම් අතිශය සූදානමකින් යුක්තව එයට සහභාගි විය යුතු වුව ද මෙවර පැවති එම සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය එබඳු සූදානමකින් එම සමුළුව සඳහා සහභාගි වූ බවක් දක්නට නොලැබුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී ඉන්දියාව නියෝජනය කරමින් එයට සහභාගි වූ අෂ්විනි වයිෂ්නෝ සමග සංසන්දනය කළ විට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ගේ ඉදිරිපත් කිරීම පැවතියේ ඉතා පහළ මට්ටමක යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

