ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙක ම එක ම සමාජ මූලයකින් පැවත එන පක්ෂ දෙකක් බවත්, මේ පක්ෂ දෙකට ම ඉංග්‍රීසි පිළිබඳව යම් ප්‍රශ්නකාරි තත්ත්වයක් පවතින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ජවිපෙ අධිරාජ්‍ය විරෝධීන් ලෙස හැසිරුණ ද ඉංග්‍රීසි කතා කිරීමට ඉතා ළැදියාවක් දක්වන බව ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඉංග්‍රීසි භාෂාව වඩාත් මොළයට කා වදින්නේ වයස අවුරුදු තුනත් පහත් අතර කාලයේ දී බවයි. හරිණි අමරසුරිය ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරයට එම භාෂාව හසුරුවන්නට නම් අවධි කිහිපයක් පසු කරමින් පැමිණිය යුතු යැයි ද විපුල පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

