'සාහිත්‍ය කන්නද...?' යැයි ජේ. ආර්. විමසුවේ හෝ පැවසුවේ එහි මතුපිට අර්ථයෙන් වටහා ගැනිමට නොව එහි ද්වි අර්ථයක් සහිතව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එමෙන් ම ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණෙන විට ඔහු සතුව රට සංවර්ධනය කිරීමේ පූර්ව සැලසුමක් පැවතකි බව ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණීමෙන් ඉක්බිති ඔහුට තිබූ ප්‍රධාන ගැටලුව වූයේ රටෙහි පැවති විරැකියාව බවයි. ඒ වන විට අවම වශයෙන් 25%ත් - 30%ත් අතර ප්‍රමාණයක විරැකියා හිඟයක් පැවති බව ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
