වර්තමානය වන විට රටේ පවතින මාධ්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා සිටින සුදුසු ම පුද්ගලයා විජයානන්ද ජයවීර බවත්, ඒ වෙනුවට චන්දන සූරිය බණ්ඩාර පත් කර ගැනීම යනු ආණ්ඩුවේ නොදැනුවත්භාවය පෙන්නුම් කිරීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන ආණ්ඩු වසරකින් දෙකකින් පෙරළා දැමීමට උත්සාහ නොකළ යුතු බවයි. ඒමෙන් ම පවතින ආණ්ඩුව ද ඊළඟ වතාවේ බලය ලබාගැනීමේ අරමුණෙන් දේශපාලන සූදුවල නිරත නොවිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
