Image

අව නඩුව සහ ප්‍රතිඵලය

අව නඩුව සහ ප්‍රතිඵලය

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි චෝදනාවක් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇත.

පසුබිම් සෝදිසි.

පසුගිය අප්‍රේල් මාසයේදී පිරිමි පුද්ගලයකු සමග සිටි 15 හැවිරිදි දැරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එය සිදුව ඇත්තේ නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක දී ය. ගම්පහ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් එම දැරිය ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරිපත් කර ඇත.

අධිකරණ වෛද්‍යවරයා ගේ නිගමනය

දැරිය දූෂණයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇත. එකල්හි දැරිය තමන් අපයෝජනය කළේ යයි චෝදනා කරමින් දීර්ඝ නම් ලැයිස්තුවක් අධිකරණ වෛද්‍යවරයා හමුවේ තබා ඇත. එම ලැයිස්තුවට බෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙකුද ඈඳා ඇත.

අහෝ අණ දෙන රේඛාව !

police

ගම්පහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති විනීෂියා ප්‍රේමවර්ධන දැරියගේ අවනඩුව පිළිබඳව විමර්ශන අරඹා ඇත. කෙසේ වුව ද පරිපාලනයේ නිල අක්ෂය හරහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය දැනුවත් කර නැත. එහි සභාපති ඉනෝකා රණසිංහ, නීතිය බලාත්මක කිරීමේ ප්‍රධානී සංජීවනී අබේකෝන් සහ නීති ප්‍රධානී සකලසූරියගේ ස්ථාවරයෙන් එය පැහැදිලි වෙයි. එපමණක් නොව විනිශියා ලබාගත් කට උත්තරවල අන්තර්ගතය බාහිර පාර්ශව වෙත ලැබී ඇත. මෙම සිදුවීම ආගමික ගැටුමක් දක්වා විතැන් වූයේ එනයිනි. තව ද පොලිසිය ලීක් කළ තොරතුරුවලින් පල්ලිය සහ මාලිමා ආණ්ඩුවේ පිරිසක් පිනා ගොස් ඇති අතර අටමස්ථාන නාහිමි අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇත. ඒ අනුව නාහිමි අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත.

ජනපති පොලිසිය ආපසු හරවයි

ගම්පහින් ගිය පොලිසිය පන්සල් කිහිපයක් වටලා ඇත. මේ අතර පොලිසිය විසින් පන්සල් වටලෑම මහා නායක හිමිවරුන්ට සැල වී ඇත. මහ නායක හිමිවරු ඒ පිළිබඳව කරුණු සොයා බලන විට පොලිසියේ අණ දෙන රේඛාව මේ පිළිබඳව දැනුවත්ව සිට නැත. එම තත්ත්වය තුළ ජනාධිපතිවරයා මැදිහත් වී නාහිමි අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්‌ කණ්ඩායම ආපසු හරවා ඇත. තව ද අධිකරණ නියෝගයකින් පමණක් නාහිමි අත්අඩංගුවට ගන්නා ලෙස ජනපති දැනුම් දී ඇත.

අධිකරණ තීන්දුව

images

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට 22424/2026 යටතේ කරුණු වාර්තා කර ඇත. ගම්පහ මහේස්ත්‍රාත්වරයා නාහිමි අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරනවා වෙනුවට කර ඇත්තේ වැඩිදුර පරීක්‍ෂණ කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කිරීම ය. මේ වන විට ළමයාගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් සැකසෙමින් පවතියි.

රට කාල බෝම්බයක් උඩ

image1

ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය අධිකරණය, ජනමාධ්‍ය සහ මහජනයා දූෂිත හෝ පිරිසිදු වන්නේ යම් සේද පන්සලත් එසේය. නමුත් වත්මන් ආණ්ඩුව කාදිනල්ට සහ බෝන් අගේන් පල්ලියට නිසි නොවන අනුග්‍රහයක් දැක්වීම නිසා පන්සල කුපිත වී සිටියි. දිගන ප්‍රහාරයට සහ්රාන් රියැට් කළේ යම් සේද අටමස්ථාන ප්‍රහාරයට රියැට් කිරීමට භික්‍ෂු සංස්ථාව සූදානම් වෙමින් සිටියි.

තේරීම ආණ්ඩුව සතුය.

keerthiKeerthi Ratnayake

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න