දේශපාලනය යනු Propaganda (ප්‍රචාරණය) පමණක් නොවනවා සේ ම ඒ සඳහා කළමණාකරණය පමණක් නොව ආර්ථික දැක්මක් ද තිබිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වර්තමාන පාලනයෙහි දක්නට ලැබෙන්නේ දේශපාලන Propaganda සහ කළමනාකරණ තත්ත්වයක් පමණක් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනාගතයේ දී විශාල උද්ධමන තත්ත්වයක් එළඹෙන බවත්, ඒ සඳහා රටක් ලෙස පෙර සූදානම් වන තත්ත්වයක් දක්නට නැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
