මීට ටික දිනකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා නිවාසවල රාජ්‍යය බාරයේ ඇති දරු-දැරියන් උදෙසා සංවිධානය කළ උත්සවයකට සහභාගී වූ අතර එහි දී සංවේදී වූ එතුමා ෆෝඩියම් එකෙන් බැහැරව ගොස් සිය කඳුළු පිසදාගත්තේය. එම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු බාර ඇමතිනී සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ද සහභාගී වී සිටි අතර එම වීඩියෝව වයිරල් වූවේ ජනාධිපතිවරයා ගේ සංවේදීතාව පිළිබඳව කවි ගී රචනා සහිතවය.
රාජ්‍යයක පැවැත්ම පිළිබඳව ඇති සලකුණ කුමක් ද..?
රාජ්‍යයක් නිර්ධන පංති බලවේගයක් විසින් අත්පත් කරගත් පසු එය නැවත ව්‍යුහගත විය යුත්තේ බලය ලබාගත් පංති පදනමට අනුකූලවය. එසේ නොමැති විටෙක එය "පොලිටිකල් ගේම්" එකකින් එහාට ගමන් කරන්නේ නැත. පෙර රාජ්‍ය පාලකයන් සිටි පාලක පංතිය මෙන්ම ඔවුන්ගේ තුරුලේ නැළවුණු ආගමික සංස්ථාපිතයන්ට අයත් පූජකයින් ද ඔවුන් කළ දූෂිත ක්‍රියාද බැහැර කළ යුතුවන්නේත්, ඒවාට එරෙහිව මතවාදීව සිට ගත යුත්තේත් ඒ නිසා ය.
අන්ත දරිද්‍ර පීඩිත පවුලකින් එන අනුරාධපුරයේ දැරිය සිය කුටුම්භය වෙනුවෙන් තමන්ට ඇති එකම වත්කම වූ ශරීරය විකුණා දමයිනම් එය සැබෑ කඳුළු පිළිබඳව ඇති නිර්ණායකයකි. ඒ සඳහා අදාළ දැරියව අපයෝජනය කල සියලු ම දෙනා තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණ වීමත් නීතිය ඉදිරියේ ඔවුන්ව පරීක්ෂාවට ලක් කිරීමත් කල යුතු කාර්‍යයකි. යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවෙන ක්‍රියා පටිපාටිය ද විනිවිදභාවයකින් පැවතීම රාජ්‍යයක පැවැත්ම පිළිබඳව ඇති සලකුණකි.
පල්ලේගම පේමරත්න සහ රවී සෙනෙවිරත්න
චෝදනා එල්ලවී ඇති අටමස්ථානාධිපති පල්ලේගම පේමරත්න හා මහජන සාමය සහ නීතිය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න අතර ඇති ඥාතීත්වයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇති අතර මේ චීවරධාරීන්ව බුද්ධාගම සමග සම්බන්ධ කිරීම තක්කඩිකමකි. සිවුරක් වත දැරූ පමණින් කෙනෙක් බුදුන් සරණ ගිය සංඝ සමාජයට අයිතියැයි උපකල්පනය කිරීමම දෝෂයකි. විනය පිටකය හරහා බුදුන්වහන්සේ සිය සංඝ සමාජය වෙත සීමා සලකුණු කළේ නිකම්ම නොවේ. දුශ්ශීල භික්ෂූන් සාසනයෙන් නෙරපා හැරීම පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීම හීන් කෙදිරියක් දක්වා පල්ලම් බැස තිබේ. උපයාගත් සමාජ ප්‍රාග්ධනය හෝ සංඛේතීය චන්ඩිකම් බුද්ධ ශාසනයට අදාළ නොවේ.
ජනපති අපක්ෂපාත විය යුත්තේ ඇයි...?
ගම්පහ පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාංශය සිය මූලික විමර්ශන මනාව මෙහෙයවා ඇති අතර දැරියගේ සාක්ෂිය සහ ස්ථානීය පරීක්ෂාව ගැළපී තිබේ. කෙසේ නමුත් දැරියගේ ඇඳුම් පිළිබඳව DNA පරීක්ෂාව පිළිබඳව පොලීසියට බලා ඉන්නට සිදුවී ඇත. විමර්ශනයේ ඉදිරිය පිළිබඳව බාධා කිරීම් එහි මුදුනේ ඇති බල කේන්ද්‍රය හා සම්බන්ධිතය. ජනාධිපතිවරයා මැදිහත් විය යුත්තේ මේ බලකේන්ද්‍රය විමර්ශනවලට බාධා කරයිනම් එය ඉවත් කිරීම පිණිසය. ඊට ධෛර්‍යය ජනාධිපතිවරයා පෙන්වා නොසිටියහොත් එය නිර්ධනයන් පිළිබඳව ඔහුගේ කඳුළු හෝ අදහස් සිය සත්‍ය දේශපාලන ව්‍යාපෘතිය කෙරෙහි කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කිරීමකි.
බලවත් පූජකයකු ඉදිරියේ දෙකට නැවෙන කොඳු
අපි පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ මේ නිවට හැසිරීමට සමාව දෙන්නේ නැත. අපිට අනුව මේ දැරිය අපේ පංතියේ පීඩිතයෙකි. තඹුත්තේගම උපන් ජනාධිපතිවරයා ගේ පංතිය කොළඹට මාරුවී ඇත්නම් ටිල්වින් ඔළුව පොලොවේ ගසාගත යුතුය. ජ.වි.පෙ.කාඩර් එක පීඩිතයින් ගේ විමුක්තිය පිළිබඳ කියූ කතාන්දර රෝල් කර පස්සේ ගසාගත යුතුය. බලවත් පූජකයකු ඉදිරියේ දෙකට නැවෙන කොඳු සහිතව, නිර්ධන පංති රාජ්‍යයක් පිළිබඳව කථා බොරු පුරාජේරු හා බලය පවත්වාගෙන යාමේ මුසාවාදබව පිළිගත යුතුය.
මාලිමාවේ ස්ත්‍රීන් ලැජ්ජා විය යුතු ය
මෙරට කිසිදු වාමාංශික තක්කඩියෙකුට මේ දැරිය වෙනුවෙන් කතාකිරීමට නොහැකි වී ඇති ස්ථානය ඇත්තේ ඒ තුළමය. ස්ත්‍රීන්ට හිංසා සහ ඔවුන්ව ලිංගික භාණ්ඩ ලෙස පාවිච්චි කළ වාමාංශික අතීතය තළ කටයි-පුකයි වසා සිටිනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද මේ තක්කඩියන්ට නැත. කුමාර් මහත්තයා පිළිබඳව ලියන පොත එළියට පැමිණීමට නියමිත අතර රැඩිකල් වාමාංශික නරුමයින් ගේ සැබෑ සත්‍ය එළිවෙනු ඇත. ඕපාත සහෝදරයා වන්දනා කරන නායකත්වය පිළිබඳව ලෙනින්ගේ අදහස පොත ලියන සහෝදරයා උස්සා පොළොවේ ගසනු ඇත. ජඩ-මාධ්‍ය තුළ ද ඇකඩමියාව තුළ ද ස්ත්‍රීන් ගේ ලිංගික සූරාකෑම් පිළිබඳව ඇති කතාන්දර අපි නොදන්නවා නොවේ. අගමැති හරිනි ගේ සිට ලක්මාලි හේමචන්ද්‍ර දක්වාත් සාවිත්‍රි පෝල්රාජ් සිට නිලන්ති කොට්ටහච්චි දක්වාත් මාලිමාවේ ස්ත්‍රීන් ලැජ්ජා විය යුතුය. ජෙන්ඩ බැලන්ස් වෙනුවට ජුන්ඩා බැලන්ස් කරන ලංකාවේ අධිපති ආයතනික බලරටාවට නිවට ලෙස යටත් වන මේ සියලු ම දෙනා අපිට අනුව නිර්ධනයින් වෙනුවෙන් පෙනී සිටින්නන් හෝ කාන්තා හා දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් නොවේ.
ලබාගත් බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දූෂිත ක්‍රියාවක් කරනු ලබන බලවන්තයින් සමග සිට ගැනීම පංති දේශපාලනයක් නොවේ. සැබෑ කඳුළු යනු පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම නිසා අත්පත් කරගන්නා ආත්මීය හැගීමකි. එසේම ඒවා ග්ලිසරින්වලින් ද උපද්දවා ගත හැකි ද්‍රාවණයක් ද වෙයි.
Samabima Party
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
