ලොව ශ්‍රේෂ්ඨතම විප්ලවය කළ ලෙනින්ට පවා වැරදුණ බැවින් පාලකයින් නිරන්තයෙන් ම උත්සාහ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රට පාලනය කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නීතිය යනු රාජ්‍ය පාලනය පවත්වාගෙන යන පාර්ශවයේ අවශ්‍යතාව සඳහා භාවිත කරන මෙවලමක් බවයි. නීතිය පාලනය කෙරෙන්නේ පාලක පෙළැන්තියේ අවශ්‍යතාවට අනුව යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
