Image

ඇත්තට ම ශ්‍රී ලංකාව Republic ද...? - Ideas front වීඩියෝවක්

ඇත්තට ම ශ්‍රී ලංකාව Republic ද...? - Ideas front වීඩියෝවක්

Republic යන්නෙහි අර්ථය ''ජනරජය'' හෙවත් ''ජනයා ගේ රජය'' බවත්, මාලිමා ආණඩුවක් යටතේ එය වඩ වඩාත් Republic විය යුතු වුව ද ආගමික සංස්ථාවට සම්බන්ධ නීතිමය තත්ත්වයක දී නීතිය අසමාන තත්ත්වයට පත්ව ඇති බව දක්නට ඇතැයි  සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ භික්ෂුව නමැති පුද්ගලයා දේශපාලනිකව බලවත් වන්නේ විද්‍යෝදය ප්‍රකාශයෙන් අනතුරුව බවයි. වල්පොළ රාහුල හිමියන් ගේ ''භික්ෂුවක ගේ උරුමය'' නමැති කෘතියේ මේ බව සඳහන්ව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න