Image

ලාංකීය දේශපාලනයේ කාන්තාවට හිමි ස්ථානය කුමක් ද...? - Ideas front වීඩියෝවක්

ලාංකීය දේශපාලනයේ කාන්තාවට හිමි ස්ථානය කුමක් ද...? - Ideas front වීඩියෝවක්

ලංකාවේ දේශපාලනය කරන විට ඒ සඳහා ස්ත්‍රීන් සම්බන්ධ කරගන්නේ නම් ඒ 'මල් පෝච්චි ක්‍රමය'ට මිසක ඉන් ඔබ්බට නොවිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ හෝ මාලිමාව වුව ද තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවල දී කාන්තාවන් ඒ සඳහා සහභාගි කර නොගන්නා බව තමන් විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර සඳහා එකතු වන බොහෝ කාන්තාවන් එම සංවිධාන වෙත පැමිණෙන්නේ ජීවිතයේ සියලු දේ අතහැර නිර්ධනයින් වෙනුවෙන් පෙළ ගැසීමට වුව ද බොහෝ දේශපාලන ව්‍යාපාරවලට පැමිණි එම කාන්තාවන් ඉතා ඉක්මනින් අදාළ දේශපාලන ව්‍යාපාරයේ බලවත් ම පුද්ගලයා සමග සම්බන්ධතාවක් ගොඩනගා ගන්නා බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න