Image

විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් - අමාත්‍ය අනුර කරුණාතිලක

විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් - අමාත්‍ය අනුර කරුණාතිලක

‘‘දැනට මෙරට භාවිත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකයි. ඒක යම් ප්‍රමාණයකින් වැඩිකරලා ඒවා ආරෝපනය කරන්න පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න හැකි නම් පොසිල ඉන්ධන සඳහා වියදම් වන රුපියල් බිලියන ගණනක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පුනර්නනීය බලශක්ති විභවතාව ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නත් අවසානයේ දී ආර්ථිකයට ඉහළ දායකත්වයත් ලබාදෙන්නත් පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර සිටියේ ය. 

අමාත්‍යවරයා එලෙස අදහස් දැක්වූයේ අද (17) විද්‍යුත් වාහන ආරෝපනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම (National EV charging infrastructure policy stakeholders consultation workshop) වෙනුවෙන් පාර්ශවකරුවන් ඉලක්ක කරගත් විශේෂ වැඩමුළුවක් කොළඹදී ආරම්භ කරමිනි. 

08

 

ආරෝපන මධ්‍යස්ථාන නාගරික ප්‍රදේශවලින් පිටතටත්...

විද්‍යුත් වාහන භාවිතයේ වර්ධනය සීමා වීමට බලපා ඇති සීමාකාරී සාධක හඳුනාගෙන ඒවා මග හරවාලීම සඳහා ගත හැකි සියලු ම පියවර ගැනීමට කටයුතු කරන බව ද විශේෂයෙන්ම විදුලිය ඉල්ලුම අඩු දිවා කාලයේ දී වාහන ආරෝපන සඳහා අඩු අය කිරීමක් හඳුන්වාදීමත් නාගරික ප්‍රදේශවලින් පිටත ආරෝපන මධ්‍යස්ථාන බිහිකිරීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම ආදී ක්‍රමවේද  භාවිත කරන බව ද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේ ය. 

බලශක්ති අමාත්‍යාංශයේ එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ දේශගුණික සහ පිරිසිදු වායු පිළිබද සන්ධානයේ (CCAC) එකතුවෙන් සංවිධානය කරන මෙම වැඩමුළුව සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික පද්ධති කළමනාකරු පෞද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගමේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම යන ආයතන ද එක්වෙයි. 

05

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති ආමත්‍යංශයේ ලේකම් රසල් අපෝන්සු, බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (ඉංජිනේරු) ජේ.අයි.ඩී ජයසුන්දර ඇතුළු ඉහළ නිලධාරීහු ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා ඇතුළු ක්ෂේත්‍රයට අදාළ ඉහළ පෙලේ පිරිසක් එක්ව සිටියහ. 

07

09

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න