Image

රාජ්‍ය සංස්කෘතිය වෙනුවෙන් කැප වෙනවා ද...? - Ideas front වීඩියෝවක්

රාජ්‍ය සංස්කෘතිය වෙනුවෙන් කැප වෙනවා ද...? - Ideas front වීඩියෝවක්

මහජනයා විසින් පත්කරනු ලබන පාලකයින් කළ යුත්තේ මහජනයාගේ අනාගත අධ්‍යාත්මික යහපත වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට මුදල් වැඩිපුර වෙන් කර, එය ආර්ථික ප්‍රවර්ධනයට ද උපයෝගි කර ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ජයදේව උයන්ගොඩ විසින් රචිත කෘති දෙකක් පසුගිය දිනවල ජනගත කළ ද ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයෙහි සේවයේ නියුතු ධම්ම දිසානායක හැර අන් කිසිවකු සහභාගි වූයේ නැතැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඒ අන්කිසිවක් නිසා නොව ජනතා විමුක්ති පෙරමුණෙහි දෙබිඩි බව නිසා යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න