රටෙහි ජනතාව පාලනය වන්නේ අවිධිමත් ආර්ථිකයකින් නම්, ජනතාව ගේ යැපුම් මාර්ග සකසා ගෙන තිබෙන්නේ අවිධිමත් ආර්ථිකයක් තුළ නම්, මත් ද්‍රව්‍ය ඒ සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ බිමල් රත්නායක අමාත්‍යවරයා පවසන ආකාරයට භාණ්ඩාගාරය උතුරා යන්නට තරම් මුදල් තිබේ නම් එම මුදලින් ප්‍රයෝජනවත් වැඩක් කළ යුතු බවයි. එසේ නොකරන්නේ නම් අවසන සිදුවන්නේ මට්ටකුණ්ඩලී කතා වස්තුවේ අදින්නපුබ්බක සිටුවරයාට සිදු වූ ඇබැද්දිය යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
