කැටපත නිර්මාණ සහ විචාර කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක් සාහිත්‍ය සම්මාන 2026' සම්මාන උලෙළ සඳහා ඔබ විසින් රචිත හෝ පරිවර්තිත, පළමු කෘතිය 2025 වසරේ පළමු මුද්‍රණය වන: නවකතාව, කෙටිකතා සංග්‍රහය, ළමා සාහිත්‍ය කෘතිය, පරිවර්තන නව කතාව, සිනමා සාහිත්‍ය කෘතිය හෝ ශාස්ත්‍රිය කෘතිය සඳහා සම්මාන පිදීමට බලාපොරොත්තු වන බව සංවිධායකයින් පවසයි.
මෙම කෘති සමීක්ෂණය වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකරන බව ද සංවිධායක මණ්ඩලය පවසයි.
කෘති බාර ගන්නා අවසාන දිනය මෙම මස (ජූලි) 31 අවසන් වන බැවින් ඔබේ කෘතිය හැකි ඉක්මනින් ම: බොරැල්ල සුපිරි වෙළඳ සංකීර්ණයේ බිම්මහලෙහි අංක 7/20හි පිහිටි කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය වෙත ගෙනවිත්, තැපැල් මගින් හෝ කුරියර් සේවා මගින් ලැබීමට සලස්වන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටියි.
සම්මාන උලෙළ සැප්තැම්බර් මස අවසානයේ දී පැවැත්වෙන බව ද සංවිධායක මණ්ඩලය පවසයි.
වැඩි දුර විමසීම් සඳහා: 076 -5646900 ගුණසිරි සිල්වා, 071- 5316568 අනුරසිරි හෙට්ටිගේ හෝ 071- 5394587 තිඹිරියාගම බණ්ඩාර අමතන්න.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
