Image

අපි, අපි ම ද..., අපි කරමින් සිටින්නේ අපිට අවශ්‍ය දේ ම ද...? යන්නට පිළිතුරු සපයන ‘වෘත්ත චතුරස්‍රය’

අපි, අපි ම ද..., අපි කරමින් සිටින්නේ අපිට අවශ්‍ය දේ ම ද...? යන්නට පිළිතුරු සපයන ‘වෘත්ත චතුරස්‍රය’

‘වෘත්ත චතුරස්‍රය’ යනු සමපේක්ෂණ ප්‍රබන්ධ ක්ෂේත්‍රය තුළට සිදු කරන ගමනකි.

ඓතිහාසික සිදුවීම් වෙනස් ලෙස දිග හැරිය හැකි බැවින් ඒවා ප්‍රතිනිර්මාණය කර වෙනස් ගෙත්තමක් කිරීමේ උත්සහයක් ලෙස වුව ද මෙය දැක්විය හැකි ය. ඒ අර්ථයෙන් මෙය POLITICAL THRILLER ගණයෙහි ලා ගැනිය හැකි, පරිකල්පනය යථාර්ථය සමග මුසු කරන විකල්ප ඉදිරි දර්ශනයක් ලෙස හැඳින්වීමේ වරදක් ද නැත.

729769641 3549796715188985 6163266715920060359 n 1

මෙහි අවධානය යොමු කරන්නේ  ඉතිහාසය නැවත කියවීමට පමණක් නොව, එය නැවත කියවා බැලීමකට, සිත පොළඹවන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ය. අප දන්නා සිදුවීම් අප විශ්වාස කරන ආකාරයට සිදු නොවන්නේ නම් කුමක් කළ යුතු ද...?  සම්බන්ධ පුද්ගලයින්, ස්ථාන සහ ආයතන පෙනෙන ආකාරයට නොවේ නම් කුමක් කළ යුතු ද...?

 

සාම්ප්‍රදායික රීති උල්ලංඝනය

වෘත්ත චතුරස්‍රය ආරාධනය කරන්නේ  "what-if" ලෝකයකට පිවිසීමට යි.  ඉතිහාසය සහ වියනොහැකියාවේ වියහැකියාව අතර බිඳෙන සුළු මායිම ගවේෂණය කිරීමට එය උත්සහ  කරන අතර  අතීතය පිළිබඳ අපගේ අවබෝධය ඉදිරි දර්ශනය, සන්දර්භය සහ ආඛ්‍යාන පාලනය ( Propaganda ) මගින් කෙතරම් හැඩගස්වා තිබේ ද යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලඹවයි . මන්ද ඕනෑම රටක හිරු උදාවේ සිට ගෙවී යන දවස සහ එහි මිනිස් ක්‍රියාකාරකම්, එහි ජන ජීවිතය සහ පැවැත්ම එම රටේ හෝ ඒ සමග බැඳුණු වෙනත් තැනෙක ලියැවුණු පිටපතකට අනුව සිදු වේ යැයි කීම තවදුරටත් අතිශයෝක්තියක් නොවන බැවිනි.

738335447 3562483123920344 4065399835829326459 n

එහෙත්, මෙම නවකතාවේ එන සිදුවීම්, පුද්ගල නාම, ස්ථාන, පුද්ගලයින්, ආයතන, පක්ෂ, සංවිධාන ආදී සියල්ල නිර්මාණ කාර්යෙයහි ලා සලකා සිදු කළ ප්‍රබන්ධ පමණි. මෙහි එන සිදුවීම්, ආයතන, පක්ෂ හෝ පුද්ගලයින් ඉතිහාසය තුළ ඔබ දන්නා දේ සමග කුමන හෝ ආකාරයෙන් සමපාත වන්නේ නම් එය හුදු අහම්බයක් ලෙස සැලකිය යුතු ය.

මෙම රචනය අසන්නකුට කතාවක් පවසන සහ නරඹන්නකුට තිරයකින් දකින ස්වරූපයකින් ලියැවී තිබේ. එබැවින්ම මෙහි එන භාෂාව හැසිරවීම සහ වෙනත් භාෂාව පිළිබඳව පවතින රීති උල්ලංඝණය වී ඇතිවාට සැකයක් නැත. එමෙන්ම කතාව හුදු වාර්තා ස්වරූපයක් ගැනීම වළක්වා ගැනීමට උපරිම උත්සාහ දරා ඇත.

754884513 3583655848469738 3110669063633270674 n 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න