Image

කිවියර රත්න ශ්‍රී විජේසිංහ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කිවියර රත්න ශ්‍රී විජේසිංහ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කිවියර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ඔහුගෙන් කළ විමසීමක දී හෙතෙම පවසා ඇත්තේ සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත්, ඒ අනුව තමා ලබන අගෝස්තු 01වන දා සිට ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බවයි.

ඔහු තමා යටතේ ඇති බඩු බාරදීම සඳහා හෙට කාර්යාලයට පැමිණීමට නියමිත බව ද මේ අතර වාර්තා වේ.

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ 2024 දෙසැම්බර් 16 දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතින් උක්ත තනතුරට අදාළ පත්වීමේ ලිපිය ලබාගෙන තිබිණි.

සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස හා පී. හේමචන්ද්‍ර යන අය එහි සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කරති.

මූලාශ්‍ර - sinhala.srilankamirror.com

 

සමු ගැනීම

ඉතින් සමු ගන්නට කාලයයි

අප වහා එහි යා යුතුයි

ඇසක් තටු හකුළා ගුළි වෙමින්

අඬන්නට වාගේ හදයි

 

නමුත් සොයුරනි අපට අකැපයි

ඔව් කඳුළු සීතල වැඩියි

එළිය හඳුනන රෑ කුරුල්ලෙක්

උදෑසනකට අඬගසයි

 

මෙතෙක් තුඩ ගෑ තිත්ත ඵල වල

හොට ඇරී බිම පතිත වෙයි

හෙට පිපින මල් කටකොනින්

අද රෑම හිනැහෙනවා පෙනෙයි

 

ඉවසන්න ඒවා පිපෙයි

දැන් පෙනෙන්නේ තවමත් ටිකයි

රත්න ශ්‍රී විජේසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න