''රත්තරං පාටට අඹරපු තහඩු ටිකක් හදාගත්තම ඕනම කැත-ජාතිවාදී ලෙඩෙකුට උනත්, ලාංකේය කවි කිවිදියන් එක මිටට ගැනීමට හැකිවීම අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයකි. මූ කොහෙන්ද මෝඩපහේ ආචාරි පට්ටමක් අරගෙන ඒක තිය තිය අස්සන් ගහනවා.මෙවැනි සිංහල බෞද්ධ අන්නවාදීන් සම්මාන දෙන්න කතාකරාම ඊයා whtto කියන්න පුලුවන් ගානට ලංකාවෙ කවි කිවිදියන් පරිනත විය යුතුයි.
(සත්‍යය බොහෝම කටුකයි)''
යට දැක්වූයේ තමීර මංජු නමැති පුද්ගලයා විසින් සංවිධානය කරන ලද සබුද්ධික යන මැයෙන් වූ සම්මාන උලෙළ සහ එම පුද්ගලයා හිටි අඩියේ ම ජාතිවාදි පෝස්ට් පළ කිරීම අරබයා ශක්තික සත්කුමාර විසින් දක්වන ලද අදහසකි.
අපි ද තමීර මංජු නමැති පුද්ගලයා ගේ මේ ජාතිවාදී පොලාපැනීම පිළිබඳ අවදියෙන් සිටිමු. මීට පෙර රාජපක්ෂ යුගයේ ද මෙවන් පුද්ගලයින් සමාජය ආක්‍රමණය කරමින් කළ විනාශවලින් අත්මිදීමට අපි රටක් ලෙස තවමත් අපොහොසත් ය. එබඳු අවස්ථාවක මෙවන් පුද්ගලයින් යනු තවත් සමාජ පිළිලයකි. මෙබඳු පිළිල දුටු පළමු අවස්ථාවේ දීම ගලවා විසි කළ යුතු ය. එසේ නොවන්නට තවත් ජාතිවාදී අමනයින් පිරිසක් මෙරට ජනතාව ගොනාට අන්දවා යළි රට අගාධයට ඇද දමුනු නියත ය. රාජ්‍ය බලධාරීන් ද මේ පිළිබඳව සිය අවධානය දැඩිව යොමු කළ යුතු ය.
(සංස්කාරක)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
