2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාවය කොළඹ විශ්වවිද්‍යාලයට

2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාවය කොළඹ විශ්වවිද්‍යාලයට

2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් මස 01, 02 යන දිනවල තෙවැනි වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.


මෙම තරගාවලියේ සමස්ත ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයට හිමි විය. එහි  අනුශූරතාව දිනාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්විය.

අවුරුදු 40 ට වැඩි කාන්තා අංශයේ  දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සහ කාර්යමණ්ඩල විවෘත මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වසන්තා රත්නායක ද, අවුරුදු 50 ට වැඩි පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩිකයා ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුබාෂ් ජයසිංහ ද, කාර්යමණ්ඩල විවෘත  පිරිමි කණ්ඩායම් ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකයා  ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තාරක දසනායක ද සම්මාන ලබා ගත් අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ චිරාත් ඉල්ලෙපෙරුමාරච්චි සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මිදුම් කිර්තිසිරි සම්මාන ලබා ගත්තේ ය.

මෙම තරගාවලිය සදහා චීනයේ විශ්වවිද්‍යාලිය සහ ඉංදියාවෙ විශ්වවිද්‍යාලිය කීපයක් සදහා ආරාධනා ලැබ තිබුණි.  මීට අමතරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්‍යය මණ්ඩලය  සහ ශිෂ්‍යයින් සහභාගී විය.

සමාප්ති උත්සවයේ ආරාධිතයින් ලෙස කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්‍යන්තය ආයතනයේ (CICT) ප්‍රධාන විධායක නිලධාරී Zhang Jianhui සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිහාල් හෙන්නායක සහභාගී විය.

තරගාවලිය සංවිධානය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය දෙපාර්තමේන්තුව සංවිධානය විසින. එහි  මූල්‍ය දායකත්වය කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්‍යන්තය ආයතනය ( CICT ) මගින් දරන ලදී.


(සමීර මදුසංක හේවා ගමගේ)

 

BTM2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න