Image

2026 ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සහ  ප්‍රදීප් සෝමසිරි සහභාගී වෙති.

2026 ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සහ  ප්‍රදීප් සෝමසිරි සහභාගී වෙති.

2026 වසරේ Silver Level කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස ඕස්ට්‍රේලියාවේ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩිනි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 9 සිට 12 දින දක්වා පැවත්වේ .

මේ සඳහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T44 කාණ්ඩයේ නුවන් ඉන්දික දුර පැනීම , මීටර් 100 ඉසව්ව සහ  ප්‍රදීප් සෝමසිරි T46  කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව සදහා සහභාගී වෙති.

අප්‍රේල් මස 9 වන දින නුවන් ඉන්දික සහභාගී වන දුර පැනීමේ තරගය එරට වේලාවෙන් සවස 5.30 ට ආරම්භ වේ. ප්‍රදිප් සෝමසිරි සහභාගී වන මීටර් 1500 තරග ඉසව්ව අප්‍රේල් මස 10 වන දින එරට වේලාවෙන් රාත්‍රී 8.05 ආරම්භ වේ. අප්‍රේල් මස 11 වන දින නුවන් ඉන්දික සහභාගී වන මීටර් 100 ඉසව්ව එරට වේලාවෙන් සවස 4.55 ආරම්භ වීමට නියමිතව ඇත.

samira

සමීර මදුසංක හේවා ගමගේ 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න