විවෘත කිරීමට ආසන්නයේ : ඉන්දියාවේ තත්ත්වය නරක අතට !

විවෘත කිරීමට ආසන්නයේ : ඉන්දියාවේ තත්ත්වය නරක අතට !

අවසන් පැය 24දී කොරෝනා ආසාදිතයන් 6,767 දෙනකු වාර්තා වූ බවත් එම කාලයේදී කොරෝනා ආසාදිත මරණ 147ක් වාර්තා වූ බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (24) නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පළවෙයි.

ඒ අනූව මේ වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන වන අතර එම ප්‍රමාණය  6,767 කි.

ඉන්දියාවෙන් අද (24) පස්වරු 6 වනවිට කොරෝනා ආසාදිතයන් 1,31,868 දෙනකු වාර්තා වූ බවත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 3,867ක් බවත් එරට එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉන්දියාවෙන් 6,000 ඉක්මවමින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ තෙවැනි දිනය මෙය වූ අතර ඊයේ වනවිට අඛණ්ඩව දින තුනක් 6,000 ඉක්මවමින් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි.

’කොවිව් ගෝලීය වසංගතය ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ඉන්දියාවේ සියලු කටයුතු මාස දෙකකට ආසන්න කාලයක් අකර්මන්‍ය විය.

මාස දෙකකට පසු අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කරමින් රට විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සැලසුම් කර ඇත.

ප්‍රාන්ත 3ක් විවෘත කිරීමට බයක් !
 
ඒ අනුව ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා හෙට (25) සිට ආරම්භ වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් වාර්තාගත අයුරින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීම නිසා ඒ සැලැසුම් සියල්ල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇත.

මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්ත තුන මෙසේ නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා ඇත.
 
 ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන සහ කාර්යබහුලම ගුවන්තොටුපොළවල් පිහිටා ඇත්තේ මෙම ප්‍රාන්තවලය.
 
 සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීමට හෝ ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් නැතැයි ද පසුගිය දින කිහිපයේදී කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇතැයි ද එම ප්‍රාන්ත බලධාරීන් මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න