මිරාපි සක්‍රීය වෙයි

මිරාපි සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ.

අද (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන  සක්‍රීයවීමෙන් 2010 වසරේදී පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න