ඇසෑම් ගංවතුරෙන් 50 දෙනෙකු මරුට

ඇසෑම් ගංවතුරෙන් 50 දෙනෙකු මරුට

ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුර ත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 50ක් මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇසෑම් ප්‍රාන්තයේ සමහර ප්‍ර දේශවල පිහිටා ඇති මාර්ග, නිවාස සහ ගොඩනැගිලි සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වි ඇත.

අධික මෝසම් වර්ෂාව හේතුවෙන් ගම්මාන දහස් ගණනක් යට වී ඇති අතර, අවතැන් වූවන්ට සහන කදවුරු පිහිටුවා ඇතැයිද වාර්තා වේ.

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඇසෑම් හි කසිරංගා ජාතික උද්‍යානයද පිහිටා ඇති අතර, ගංවතුර තත්ත්වය හේතුවෙන් එහි සතුන් 51 දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

එහි සිටි සතුන් 102ක් බේරා ගෙන ඇති අතර, කොටින් සහ රයිනෝසිරයන් ගංවතුරෙන් ආරක්ෂා වීම සදහා අවට ගම්මානවලට ගොස් ඇති බවද සදහන් වේ.

සෑම වර්ෂයකම අධික මෝසම් වර්ෂාවෙන් ඇසෑම් ප්‍රාන්ත වාසීන් මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න