Language Switcher

V2025

බයිඩ්න් අද දිවුරයි : ට්‍රම්ප් උත්සවය මඟහරින ලකුණු !

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් පදවිය සඳහා දිව්රුම්දෙමින් වැඩ භාරගනු ලැබීම(inauguration) ජනවාරි 20 දින ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යාහ්නයෙහි සිදුවෙයි.

ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කෙරෙන නෛතික විධිවිධාන සහ සම්ප්‍රදායන් අනුව එම කර්තව්‍යය සිදුකෙරෙන නමුත් කොරෝනා වසංගතය සහ පසුගියදා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙවර එම අවස්ථාවේ එක්තරා වෙනසක් දක්නට ලැබෙයි.

ජනාධිපති බයිඩන් සමඟ උප ජනාධිපතිනි කමලා හැරිස් ද සිය පදවිය සඳහා දිව්රුම්දෙමින් නිල කාර්යයන් ආරම්භ කිරීමට නියමිතය.

මහජන ඡන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයකු පදවියේ දිව්රුම්දෙනු ලැබීම ඇමෙරිකානු දේශපාලනයේ අතිශයින් වැදගත් දිනයකි.

'සමාරම්භය'(inauguration)යනු කුමක්ද?

ඇමෙරිකානු ජනාධිපති පදවියේ 'සමාරම්භය'(inauguration) යනු අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයකු නිලමට්ටමින් දිව්රුම් දී පදවියට අයත් රාජකාරි ආරම්භ කිරීමයි. එම සමාරම්භක උත්සවය සම්ප්‍රදායක මට්ටමින් පැවැත්වෙන්නේ 'වොෂිංටන් DC' නගරයේය.

එම දිනයෙහි අවශ්‍ය වැදගත්ම කාරණය තේරී පත්ව සිටින අභිනව ජනාධිපතිවරයා සිය ධූරය සඳහා දිව්රුම්දීමය.

ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර අභිනව ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරියක දිව්රුම්දෙනු ලබන්නේ මෙම ප්‍රකාශය අනුව ප්‍රතිඥා දෙමිනි.

''එක්සත් ජනපදයේ විධායක ජනාධිපති පදවියට පැවරෙන කාර්යභාරය අවංක ලෙස ඉටුකරන බවට එමෙන්ම,මාගේ උපරිම ශක්තිය අනුව එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්‍ෂිත කොට රැකබලා ගනිමින් ආරක්ෂා කරන බවට ගරු ගාම්භීරව ප්‍රතිඥා දෙමි''

එම වචන උච්චාරණය කරමින් අදාළ ප්‍රතිඥාව දීමත් සමඟ ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා බවට පත්වෙයි.

උප ජනාධිපති පදවිය සඳහා පත්කරනු ලැබ සිටින කමලා හැරිස් ද සිය ප්‍රතිඥාව දෙමින් සිය පදවියේ කාර්යයන් ආරම්භ කරන අතර, සම්ප්‍රදායක් ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම නව ජනාධිපතිවරයා දිව්රුම්දීමට පෙර සිදුකෙරෙයි.

 116577162 a867dd90 13fc 47b6 8b1f a441f9dc696e

ජෝ බයිඩන් දිව්රුම්දෙන හෝරාව

ඇමෙරිකානු ජනාධිපති පදවිය සඳහා තේරී පත්ව සිටින තැනැත්තා හෝ තැනැත්තිය ජනවාරි මස විසිවෙනි දින දිව්රුම්දෙනු ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කර තිබෙන නිර්දේශයකි.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රාන්ත වේලාව අනුව (EST Time) පෙරවරු 11.30ට දිව්රුම්දීමේ උත්සවය ආරම්භ කෙරෙන අතර,අනතුරුව දවසේ මධ්‍යාහ්නයෙහි නව ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම සිදුකෙරෙයි.

පදවියේ දිව්රුම්දෙනු ලැබීමෙන් අනතුරුව සවස් භාගයේ නව ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයට පිවිසෙයි. ඉදිරි වසර හතරක කාලය බයිඩන් පවුලේ නිල නිවහන වන්නේ ධවල මන්දිරයයි.

උත්සවය සඳහා යොදා ඇති රැකවරණ

ඇමෙරිකානු ජනාධිපතිවරයකු දිව්රුම්දීමේ උත්සවය වෙනුවෙන් මනාව සැලසුම්කරන ලද ආරක්‍ෂක වැඩ පිළිවෙලක් සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් මෙවර ඊට වඩා වැඩි ආරක්ෂක රැකවරණ සැලසුම් කරනු ලැබ තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වන මැර කල්ලියක් ජනවාරි මස හයවෙනිදා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පිහිටි 'කැපිටල්' මන්දිරයට කඩා වැදී එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙනි.

නිලධාරීන් විසින් අදාළ ආරක්‍ෂක කටයුතු තර කිරීමට පියවර ගනුලැබ ඇත. ඒ අනුව වොෂිංටන් නගරයේ විශාල කොටසක් වසාදමනු ලැබ ඇත. පහළොස් දහසක පමණ ජාතික ආරක්‍ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය (Secret Service) ආරක්‍ෂක සැලසුම භාරව කටයුතු කරයි. ඊට අතිරේකව, දහස් ගණනක් පොලිස් බලකායක් ද නිරත කොට සිටිති.

 116577161 540ab96b ebf4 48df b3c2 bea937fa582e

දිව්රුම්දීම සිදුකෙරෙන වොෂිංටන් DC නගරයේ දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය දිව්රුම්දීමේ උත්සවය නිමවෙනතෙක් එම හදිසි තත්ත්වය බල පැවැත්වෙයි.

රහස්‍ය අංශය වෙනුවෙන් එකී ආරක්‍ෂක කටයුතු මෙහෙයවමින් සිටින මැට් මිලර්(Matt Miller) පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින්,එම ආරක්‍ෂක සැලසුම් වසරකට අධික කාලයක් ක්‍රියාවට නැංවෙනු ඇතැයි සඳහන් කළේය.

ජෝ බයිඩන් අවධාරණයෙන් කියාසිටින්නේ මෙතෙක් අනුගමනය කෙරුණු සම්ප්‍රදාය අනුව යමින් එළිමහනේ දිව්රුම්දීම සිදුවිය යුතු බවය, එය එසේ මෙවරත් සිදුකෙරෙන නමුත් එම උත්සවයට සහභාගීවෙන ජන සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගනු ලැබ ඇත.

ට්‍රම්ප් උත්සවයට සහභාගී වේද?

අභිනව ජනාධිපතිවරයා දිව්රුම්දෙන අවස්ථාවට සහභාගීවෙමින් එම අවස්ථාව බලාසිටීම මෙතෙක් බලයේ සිටි සෑම ජනාධිපතිවරයකු විසින්ම සම්ප්‍රදායක මට්ටමින් අනුගමනය කරන ලද චාරිත්‍රයකි. එහෙත් මෙවර දක්නට ලැබෙනු ඇත්තේ එහි අවලක්ෂණ පින්තූරයකි. පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා උත්සවයේ දක්නට නොලැබෙනු ඇත.

 116581066 a2ab8ce5 48a7 4bb8 b938 ec7e495b2ff6

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 08 වෙනිදා මෙවැනි ප්‍රකාශයක් ඇතුළත් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළේය.

''මගෙන් විමසා ඇති සියලු දෙනාට මෙම දැනුම්දීම කරමි. ජනවාරි 20 දින දිව්රුම්දීමේ අවස්ථාවට මම සහභාගී නොවෙමි''

උත්සවය මගහරින ජනාධිපතිවරයා 'ෆ්ලොරිඩා'හි පිහිටි 'Mar-a-Lago' නම් සිය නිවස කරා යනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

 116581068 bc3a5e4f 4c20 4eb6 8e7e 1fd361e38899

ට්‍රම්ප්ගේ ඇතැම් ආධාරකරුවන් පවසන පරිදි, ඔවුන් ජෝ බයිඩන් පදවියේ දිව්රුම් දෙන දිනයෙහි එම වේලාවටම ට්‍රම්ප් වෙනුවෙන් ''දෙවැනි දිව්රුම්දීමක්'' සැලසුම් කෙරෙමින් පවතී.

ජනාධිපති ට්‍රම්ප්ට සහයෝගය පළකිරීම සඳහා තමන් එම අවස්ථාවට සහභාගී වෙන බව 68,000කට අධික පිරිසක් 'ෆේස්බුක්' මගින් ප්‍රකාශකර තිබුණි.

ජනාධිපති ට්‍රම්ප් පදවිය සඳහා තරඟ වැදුන අවස්ථාවේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට එරෙහිව දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූ නමුත් තමා එම තරඟයෙන් පරාජයට පත්වීමෙන් යාන්තම් මාස දෙකකට පසුව පැවැත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිව්රුම් දෙන අවස්ථාවට හිලරි ක්ලින්ටන් සිය සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද කැටුව සහභාගී වූවාය.

පසුගිය ශතවර්ෂයක කාලය ඇතුළත සිය අනුප්‍රපාප්තිකයා ධුරයෙහි වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී නොවීම තෝරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරුන් තිදෙනෙකු පමණි. ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි සහ ඇන්ඩෲ ජොන්සන් ඔවුන් තිදෙනාය. සෙසු සියලු ජනාධිපතිවරුන් සිය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා දිව්රුම්දෙන උත්සවයට සහභාගී වී ඇත.

 116577163 dcad1402 609e 4d1a 98e1 94f2ae0ad1c7

ට්‍රම්ප් එම අවස්ථාව පැහැර හරින නමුත් තමා එම අවස්ථාවට සහභාගී වෙන බව උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශකර ඇත.

ජනාධිපති ට්‍රම්ප් දිව්රුම්දුන් උත්සවයට සහභාගී වූ එවක බලයේ සිටි ජනාධිපති බරක් ඔබාමා ඔහුට සුබ පැතීමට පියවර ගත්තේය .

මෙවර දිව්රුම්දීමට කොරෝනා බලපාන ආකාරය

නව ජනාධිපතිවරයකු දිව්රුම්දෙන උත්සවයකට ලක්ෂ ගණනින් මහජනයා වොෂිංටනයට ගලාඑම සාමාන්‍ය තත්ත්වයයි.

2009 වසරේ ජනාධිපති බරක් ඔබාමා පදවියේ දිව්රුම්දුන් අවස්ථාවට ලක්ෂ දෙකක් ජනතාව සහභාගී වූ බව ඇස්තමේන්තු කෙරෙයි. එහෙත් මෙවර කරුණු කීපයක් නිසා එහි වෙනසක් සිදුවෙයි.

ඉන් එකක් කොරෝනා වසංගතයයි. දෙවැන්න ජනවාරි 06 දින 'කැපිටල් ' මන්දිරයට එල්ල වූ මැර ප්‍රහාරයයි.

 116581063 fded4d6c 7ee2 49fc a4ab 5b19d4afe2fb

මේ වසරේ උත්සවය අතිශයින්ම සීමාසහිත පිරිසකට සීමා කෙරෙන බව බයිඩන් කණ්ඩායම පවසා ඇත. අගනුවරට පැමිණීමෙන් වලකින ලෙස ඔවුහු මහජනයාගෙන් ඉල්ලා සිටිති. රථ පෙළ ගමන්ගනු ලබන මාර්ගය ඔස්සේ නැරඹුම් ස්ථාන ඉවත්කරනු ලැබ තිබේ.

මෙවරත් අනුගමනය කෙරෙන එක් සම්ප්‍රදායක් වන්නේ නව ජනාධිපතිවරයා සහ නව උප ජනාධිපතිවරිය 'කැපිටල්' මන්දිරය ඉදිරිපිට දිව්රුම් දෙනු ලැබීමය. එය 1981 පටන් ක්‍රියාත්මක වෙන, ජනාධිපති රොනල්ඩ් රීගන් විසින් ආරම්භකරන ලද සම්ප්‍රදායක් වෙයි. මෙවර උත්සවයට දෙසීයක් පමණ සහභාගී වෙන අතර සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් අසුන් පනවා ඇත.

වේදිකාවට සැපත්වෙන අමුත්තන්ට මුඛ ආවරණ සපයන බවත් ඔවුන් දින කීපයකට පෙර කොරෝනා වෛරස් පරීක්‍ෂණයක් සිදුකරගත යුතුව ඇති බවත් ජෝ බයිඩන්ගේ සංවිධායකයන් විසින් දැනුම් දෙනු ලැබ තිබුණි. බලයට පත්වීමෙන් පසු පදවියේ දිව්රුම්දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජෝ බයිඩන් පසුගිය ජුනි මාසයේ කියා තිබුණේ 'එම අවස්ථාවට තමා මුඛ ආවරණයක් නොපළඳින' බවකි.

දිව්රුම්දීමෙන් අනතුරුව යුද හමුදාව විසින් ජෝ බයිඩන් යුවල සහ කමලා හැරිස් යුවල ධවල මන්දිරය කරා රැගෙන යනු ඇත. තූර්ය වාදකයන් සහ බෙර වයන්නන් කණ්ඩායමක් ද ඊට එක්වෙති.

ප්‍රවේශපත් කාටද?

වේදිකාව මත අසුන්ගැනීම සහ එය ඉදිරිපස කලාපයන්හි සිටගෙන සිටින්නන් සඳහා ප්‍රවේශපත් අවශ්‍ය කරයි. සාමාන්‍ය වසරවල නව බලවතුන් ගමන්ගන්නා මාර්ගය දෙපස අසුන් සඳහා ද ප්‍රවේශපත් අවශ්‍ය කෙරෙයි. 'නැෂනල් මෝල් (National Mall )යනුවෙන් හඳුන්වනු ලබන උයන් කලාපය මහජනයා සඳහා විවෘතව තැබීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මෙවර දිව්රුම්දීමේ උළෙල ආසන්නයේ සිට නැරඹීමට අවශ්‍ය පුද්ගලයන් ඒ සඳහා තමන් ජීවත්වෙන ප්‍රදේශයේ නියෝජිතයන් අමතන ලෙස දැනුම්දීමක් කර තිබුණි.

ඒ අතරම, නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය දිව්රුම්දීමේ උත්සවය අරභයා සංවිධානය කෙරෙන සාද නැටුම් සහ වෙනත් උත්සව ආදියට සහභාගීවීම සඳහා වෙනම බලපත් ලබා තිබිය යුතුය.

මෙවැනි වෙනත් අවස්ථා සඳහා අතීතයේ ප්‍රවේශපත් ලක්ෂ දෙකක් පමණ නිකුත්කරන නමුත් වසංගතය සැලකිල්ලට ගනිමින් මෙවර නිකුත්කරනු ලැබ තිබෙන්නේ ප්‍රවේශපත් දහසක් පමණි.

එහෙත් සාමකාමීව බලය පැවරීම සංකේතවත් කරමින් නව ජනාධිපතිවරයා සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා ලෙස හමුදා ආචාර පෙළපාලියක් අධීක්ෂණය කරන නමුත් වෙනදා මෙන් පෙන්සිල්වේනියා මාවත ඔස්සේ ධවල මන්දිරය කරා ගමන් කෙරෙන සුපුරුදු උත්සවාන්විත 'පෙළපාලිය' වෙනුවට එක්සත් ජනපදය පුරා ජනයාට අන්තර්ජාලය ඔස්සේ උත්සවය නැරඹිය හැකි බව සංවිධායකයෝ පවසති.

 116581062 ee5f837d 576a 42a2 939a 0e1f2b98c216

සෙනෙට් සභිකයන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රවේශපත් නිකුත්කිරීම භාරකෙරෙන අතර, එම එක් එක් මහජන නියෝජිතයා සඳහා නොමිලේ සපයනු ලබන ප්‍රවේශපත් නිශ්චිත සංඛ්‍යාව බැගින් නිකුත්කර ඇත.

වසංගතය හේතුවෙන් මේ වසරේ එක මහජන නියෝජිතයකුට ලැබෙන්නේ ඔහුට සහ තවත් එක් ආරාධිතයකු සඳහා ප්‍රවේශපතක් පමණි.

උත්සවය හැඩ කරන කලාකරුවන් මෙම උත්සවය වෙනුවෙන් පැවැත්වෙන සංගීත සංදර්ශනයේදී ගී ගයන, පසුගිය ජනාධිපතිවරණයේ දී ජෝ බයිඩන් ගේ ක්‍රියාකාරී ආධාරකාරියක වූ 'ලේඩි ගාගා'(Lady Gaga)සහ ජෙනිෆර් ලෝපෙස් (Jennifer Lopez) මෙන්ම සෙසු කලාකරුවන් සමඟ නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය එක්වනු ඇත. ඇමෙරිකානු ජාතික ගීය ගයනු ලබන්නේ 'ලේඩි ගගා'(Lady Gaga)විසිනි.

ජෝ බයිඩන් දිව්රුම්දීමෙන් පසු සිනමා නළු ටොම් හැන්ක්ස් (Tom Hanks) විසින් මෙහෙයවනු ලබන විනාඩි අනූවක රූපවාහිනී විශේෂාංගයකි.

ගැරත් බෘක්ස් (Garth Brooks), ජොන් බොන් ජෝවි (Jon Bon Jovi) ඩේමි ලොවටෝ (Demi Lovato) සහ ජස්ටින් ටිම්බර්ලේක්(Justin Timberlake) වැනි සුප්‍රකට කලාකරුවන් ද එම සංගීත සංදර්ශනය අලංකාර කිරීමට ඇරයුම් ලබා සිටිති.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිව්රුම්දීමේ උත්සවය සඳහා කලාකරුවන්ට ආරාධනා කිරීමේ දී ඔහු අර්බුදයකට මුහුණ දුන්නේය. එම උත්සවයේ ගැයුමකට ආරාධනා ලද එල්ටන් ජෝන්ස් එම ඇරයුම ප්‍රතික්ෂේප කළේය.

සෙලීන් ඩියෝන් (Celine Dion); කිස්' (Kiss) සහ ගැරත් බෘක්ස් (Garth Brooks) වැනි ගයක ගායිකාවන් ද ට්‍රම්ප්ගේ ආරාධනයේ දී එල්ටන් ජෝන්ස් අනුගමනය කරන ලදැයි වාර්තා වෙයි.

 116581064 d1a8bf51 b1da 4c67 ac96 e647cefdf836