Language Switcher

V2025

බාධක මතින් රට දිනවන නව දැක්මක් අගමැති කොන්තේ පෙරටම..!

උද්ගත ගෝලීය වසංගතය හමුවේ තම දේශපාලන භූමිකාව තුල වත්මන් ඉතාලි අග්‍රාමාත්‍ය ජ්‍යුසෙප්පේ කොන්තේ ( GIUSEPPE CONTE) නම් අසහාය ලෝක දේශපාලනයේ විෂිශ්ඨයා තම රටත් එහි සියලුම වැසියන් ( විදේශිකයන් ද ඇතුලුව) COVID 19 වෛරසයෙන් ආරක්ෂා  කරගැනීමට අතිශය වෙහෙසක් හා දූරදර්ශීව අදාල අංශ සමග දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජන ජීවිතය පවත්වාගෙන යාමට කටයුතු කල නායකයකු ලෙසත් ආදර්ශමත් දේශපාලකයකු ලෙස ඉතිහාසගත වනු ඇත.

ඉන් සුවිශේෂීම ක්‍රියාව නම් උද්ගත කොරෝනා වසංගතය හමුවේ ඉතාලියෙන් එවකට පිටව සිටි සියළුම වැසියන් හැකි ඉක්මනින් ඔවුන්ගේ ස්වකැමැත්ත මත මව් රටට ගෙන්වා පුරවැසි අයිතිය තහවුරු කිරීමයි.

 එසේ ඉතා දූරදර්ශීව අවංකව සමස්ථ ඉතාලිය පවතින අඅර්බුදකාරී තත්වයෙන් ගොඩ ගෙන ආර්ථික හා සමාජීය ලෙස යහපත් තත්වයෙන් පවත්වාගෙන යමින් යුරෝපා සංගමයේ පැසසුමත් විශ්වාසයත් දිනාගනිමින් සමස්ථ යුරෝපය තුල වැඩිම මුදල් ආධාර ලභාගැනීමට තරම් ඔහු සාර්ථක දේශපාලනික නායකයකු උවත් දිගින් දිගටම ඔහුගේ පාලනයට බාදා කරමින් එකල ශ්‍රී ලංකාවේ යහපාලනය බිද වැට්ටවීමට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ  මෙන්ම සමානවූ ක්‍රියාදාමයක් ඊයේ දින තෙක්ම ක්‍රියාත්මක විය.

එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති කොන්තේ වෙත දෝශාභියෝගයක් එල්ල කලවිට ඔහු විසින් එය සාර්ථකව ජය ගෙන පාර්ලිමේන්තුවේ බහුතරයද ඔහු ප්‍රමුඛ රජයට ලභාගැනීමට අද දින සමත්විය.

සුවිශේෂීම සිදුවීම නම් ෆ්‍රතෙල්ලි ඉතාලියා ( FRATELLI D' ITALIA )පක්ෂයේ ජියෝර්ජියා මෙලෝනි, දෙල්ල ලේගා ( DELLA LEGA ) පක්ෂයේ මතේයෝ සල්වීනි හා හිටපු අගමැති රෙන්සි ( RENSI ) ගේ ප්‍රභල සමාජ විකෘතික උසිගැන්වීම් ප්‍රායෝගික නොවන දහසකුත් විවේචන පරදා අගමැති කොන්තේගේ ප්‍රායෝගික රට හා ජනතාව සුරක්ෂිත කිරීමේ නව වැඩපිලිවෙල ජයග්‍රහණය කිරීමයි.

එමෙන්ම පසුගිය දිනක ඉතාලි දේශපලන ඉතිහාසය වෙනස්කරමින් අගමැති ජ්‍යුසෙප්පේ කොන්තේ විසින් රට වැසීමේදී ව්‍යාපාරිකයන් හා ජනතාව මුහුණ දෙන ගැටලු හා සංචාරක ව්‍යාපාරය නැවත ඇරඹීමට ඇති හැකියාව නිරීක්ෂණය කිරීමටත් ජනතා අදහස් ලබාගැනීමටත් ස්ව කැමැත්තෙන් එහෙත් ආරක්ෂක අංශවල දැඩි විරෝධය මත ඔහු ජනතාව අතරට මංමාවත් දිගේ පයින්ම ගමන් කරමින් ජනතාවගේ සුව දුක් විමසමින් කල ක්‍රියාව ඉතාලි දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස සනිටුහන් වෙද්දී ලෝක දේශපාලන වේදිකාවේ අගමැති කොන්තේගේ නිර්ව්‍යාජ අවංක නායකත්වය ප්‍රසාදයට ලක්විය.  අවසානයේ උද්ගතව ඇති මහා ව්‍යසනයට ඍජුව හා අවංකව කැපවීමෙන් මුහුණ දෙමින් ඉලක්කගත අරමුණ කරා යන්නට අගමැති කොන්තේ නැවත ප්‍රජාත්‍රාන්ත්‍රික වරමක් ලබාගෙන ඇත.

 රටකට සැබෑ ජනතා ගැටලු හදුනාගත හැකි සංවේදී නායකයන් ලැබීම එරට වැසියන්ගේ භාග්‍යකි. වත්මන් ශ්‍රීලාංකිකයන් ලෙස ලෝක දේශපාලනය ලෙස විමසිල්ලෙන් බලන විට තම රටවැසියා හා රට වෙනුවෙන් ඔවුන් විසින් ගනු ලබන අසීරු තීන්දු තීරණ හා කැපවීම් අතර සැසදීමක් කලහොත් වර්ථමාන පාලකයයෝ මේ සිදුකරන සංහාරය විග්‍රහ කිරීමට වදන් නොමැත. අප බුද්ධිමත්ව සිතා බැලිය යුත්තේ පුරවැසියන් ලෙස ජනතාව අණතුරේ හෙලන හෙජමොනික දේශපාලකයන් පරයා පුරවැසි බලයේ ප්‍රභලත්වය සමාජ ප්‍රතිසංස්කරණ අරඹයා දියත් කොට සීලාචාර සමාජයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්නයි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය