ලෝක උණුසුම වැඩිකරමින් එත්නා ගිණි කන්ද සක්‍රීය වෙයි..!

ලෝක උණුසුම වැඩිකරමින් එත්නා ගිණි කන්ද සක්‍රීය වෙයි..!

දරුණු කොවිඩ් වසංගතයෙන් උණුසුම් වී ඇති ගෝලීය තත්වය තුල වර්ෂ 2022 ජනවාරි 18 දින අළුයම එත්නා ගිණි කන්ද අභ්‍යන්තරයේ සගවා සිටි සියලු ශක්තීන් ඕනෑම දෘඩ භෞතික වස්තුවක් ක්ෂණයෙන් අළු දූවිලි කලහැකියි යන්න පසක් කරමින් පුපුරා ගියා.

WhatsApp Image 2021 01 20 at 8.19.57 AM 1

විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කතානියා පළාතේ කතානියා හා මෙසීනා යන නගර දෙකට මැදිව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 10,922 ක් උසැති ගිනි කන්ද 1669 දී පුපුරා යාමෙන් 20,000 ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. අප්‍රිකා භූතැටිය හා යුරෝපා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ මේ ගිනිකන්ද පිහිටා තිබෙන බව භූ විද්‍යාඥයෝ කියති.

WhatsApp Image 2021 01 20 at 8.19.55 AM

මෙහිදී පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වන සිසිලියා ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමන්නට පවා එරට පාලන අධිකාරිය කටයුතු කරනු ඇත. එය අවස්ථා කීපයකම සිදුව ඇත. අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් පවා නවතා දමන වාර අනන්තය මකමක්නිසාදයත් පිටවන අළු හා ඓන්ද්‍රීය ද්‍රවය නිසාවෙනි.

WhatsApp Image 2021 01 20 at 8.19.56 AM

ගිණිකන්දේ දෛනික හැසිරීම් නිරන්තරයෙන් අවදානයට ලක්වන අතර මෙසේ පුපුරායාම සිසිලියානු දූපත්වාසීන් පෙන්වා දෙන්නේ සාධනීය ලක්ෂණයක් බවයි. මක්නිසාදයත් එසේ පුපුරා නොයන්නේ නම් දරුණු භූමිකම්පා ඇතුවීමට ඉඩ ඇති බවත් එත්නා ගිණිකන්ද සක්‍රීය වීමත් සමග වැසියන් මාර්ගයේ ගමන් කිරීමේදී කුඩ භාවිතා කරන අතර ඒ අළු හා දූවිලි කොටස් වලින් ආරක්ෂා වීමටයි.

ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාව ගලා යාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත් අවදානම් කලාපයේ පදිංචි කරුවන් ඉවත්කැර අවසන්ය. එත්නා කෙතරම් භයානක කෲර හැසිරීම් පෙන්වුවද සිසිලියානු භූමියේ පාංශු ගුණාත්වයේ අසම සමබව ඇය නිසා බව සිසිලියානු වැසියන් පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. මක්නිසාදයත් එම පොළොවේ වැවෙන එළවලු හා පළතුරු වල ඇති නැවුම් බව ආවේනික සුවද හා රසය නිසාවෙනි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ - ඉතාලිය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න