නවසීලන්තයේ යළිත් කෙරෝනා හිස එසවෙන ලකුණු!

නවසීලන්තයේ යළිත් කෙරෝනා හිස එසවෙන ලකුණු!

ඉතා සාර්ථකව කොරෝනා වෛසරය පාලනය කළ නවසීලන්තයෙන් මාස කිහිපයකට පසු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

නෝර්ත්ලන්ඩ් සිට පසුගිය දෙසැම්බර් 30 වනදා නවසීලන්තයට පැමිණි 56 හැවිරිදි කාන්තාවකට මෙලෙස දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැණුනු නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ.

ඇය සති දෙකක අනවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු වී සිටි කාන්තාවක වන අතර අවස්ථා දෙකකදී සිදු කළ පරීක්ෂාවන්හිදී ද තහවුරු වී ඇත්තේ, ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් මේ දක්වා සමාජයෙන් වෙනත් ආසාදිතයින් පිළිබඳ වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරන්නේ, නිරෝධායන මධ්‍යස්ථානයේදී ඇයට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි.

ආසාදිත කාන්තාවගේ සමීප ආශ්‍රිතයින් 15 දෙනෙකු පමණ හඳුනා ගෙන ඔවුන් නිරෝධායනයට යොමු කර ඇති අතර කෙසේ වෙතත් කොරෝනා පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ , ඇයගේ සැමියාට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

අදාළ කාන්තාවට වෛරසය ආසානය වී ඇති බව ප්‍රකාශවීමෙන් පසු ඔස්ට්‍රේලියාව නවසීලන්තය සම්බන්ධයෙන් වූ සංචරණ නීති දැඩි කර තිබේ.

ඔස්ට්‍රේලියානු බලධාරීන් දැනුම්දී ඇත්තේ, ජනවාරි 14 වනදා සිට නවසීලන්තයේ සිටි පැමිණි සියලු දෙනා නිවෙස් තුළ නිරෝධායනය විය යුතු බවයි.

නවසීලන්තයෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ, කොරෝනා ආසාදිතයින් 2,288 දෙනෙකු පමණක් වන අතර ජීවිත අහිමිව ඇත්තේ, ආසාදිතයින් 25 දෙනෙකුට පමණි.

නවසීලන්ත අනුගමනය කළ දැඩි කොවිඩ් මර්දන නීතිරීතීන් දැඩි ව අනුගමනය කිරීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය ඉතා සාර්ථකව පාලනය කිරීමට හැකි විය.

මේ අතර මෙම නව ආසාදිතයා පිළිබඳ වාර්තාවීමත් සමගම ඔස්ට්‍රේලියාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවසීලනතයේ සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න