නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන්:ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක්

නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන්:ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක්

ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් ඊයේ(13) දිවුරුම් දෙනු ලැබීය. 

ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නෆ්තාලි බෙනට් නව රජය සියලුම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවටත් ජාතිය එක්සත් කරන බවට ප්‍රතිඥා දී තිබේ.

අභිනව අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය උපුටා දක්විමන් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය නායකත්වය යටතේ රටේ අධ්‍යාපන, සෞඛ්‍ය සඳහා නව ප්‍රතිසංස්කරණ ගෙන එමින් අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි.

ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය.

ඒ සුළුතරයක් වූ හිටපු අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ පක්ෂය පරාජය කරමින් එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමත් සමගයි. ඔහුගේ පක්ෂය සමග තවත් පක්ෂ කිහිපයක් සංධානගත විය.

බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයකට අනූව ඔහු 2023 සැප්තැම්බර් මාසය දක්වා අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නියමිතය. කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම නව රජය බොහෝ සෙයින් අස්ථාවර බවයි.

ඒ මෙම නව සංධානය තුළ ඇති අන්ත දක්ෂිණාංශික සහ වාමාංශික පක්ෂවල සංයුතිය හේතුවෙනි.

පරාජයට පත්වීමෙන් පසු පැවති පාර්ලිමේන්තු විවාදයේ දී හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ තමා නැවතත් බලයට පැමිණෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න