බටහිර යුරෝපයටම ගංවතුර : මිය ගිය පිරිස 200කට ආසන්නයි

බටහිර යුරෝපයටම ගංවතුර : මිය ගිය පිරිස 200කට ආසන්නයි

ජර්මනිය ඇතුළු බටහිර යුරෝපය පුරා පසුගිය දින කිහිපයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 200කට ආසන්නබවත්, තවත් සිය ගණනක් අතුරුදන් වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා සහන සේවා කණ්ඩායම් රැසක් මෙහෙයුම් සිදු කරමින් පවතින බව එම වාර්තා සදහන් කරයි.

බෙල්ජියමට සහ නෙදර්ලන්තයට ද මේ ගංවතුර තත්ත්වය නිසා දැඩි හානි සිදුවී ඇති අතර, ජර්මනියේ පමණක් මිය ගිය පිරිස 150කට ආසන්න බව වාර්තාවේ.

ගංවතුරෙන් විපතට පත් වූවන්ට යළි සිය නිවෙස් බලා පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, විදුලිය සහ ජල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත.

අධික වර්ෂාවත් සමඟ හටගත් ජල ගැල්ම හේතුවෙන් නෙදර්ලන්තයේ මාස් නදිය පිටාරා ගලා ගොස් ඇති අතර, එවැනි තත්ත්වයක් හටගෙන ඇත්තේ සියවසකට පමණ පසුව බවත් වාර්තා වේ. මාස් නදිය පිටාර ගැලීම නිසා ඒ අවට ජීවත්වන දසදහසකට අධික පිරිසක් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න