නැවත අවි ගත්තොත් දිගටම ගහනවා - නිකී හේලි

නැවත අවි ගත්තොත් දිගටම ගහනවා - නිකී හේලි

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය තවදුරටත් රසායනික අවි භාවිතා කළ හොත් නැවත නැවතත් ප්‍රහාරවලට මුහුණදීමට සුදානම් වියයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි සඳහන් කර ඇත.

ඇය මේ බව සඳහන් කර සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවන්නැයි රුසියාව කළ ඉල්ලීම අනුව කැඳවූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 14 වනදා රැස්වූ අවස්ථාවේය.

එසේම තම ඒකාබද්ධ ප්‍රහාර හරහා සිරියාවේ රසායනික අවි වැඩසටහන දුර්වල කළ බව විශ්වාස කරන බව පැවසූ ඇය තවද "සිරියානු පාලනය අපේ හැකියාව ශක්තිය සහ ධෛර්ය පරීක්ෂා කිරීමට තරම් මෝඩ වුවහොත් අපි දැනට වඩා පීඩනයක් එල්ල කරනවා. සිරියානු රෙජීමය නැවත වරක් විස වායු යොදාගත්තොත් ඇමෙරිකා එක්සත් ජනපදය එසැණින් ප්‍රහාර එල්ල කරනවා.” යනුවෙන් තවදුරටත් අනතුරු ඇඟවූ බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

කෙසේ වුවත් රුසියාව සඳහන් කර සිටින්නේ එරට ආරක්ෂාව තහවුරු කර ගැනීම වෙනුවෙන් එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න