මේ වන විට පවතින ගැටලුව වන්නේ අපේ පංතියේ ම පිරිසක් බලයට පත්වී ඔවුන් රටේ පාලනය සම්බන්ධයෙන් දක්වන අදහස් සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ රාජ්‍ය පාලකයින් ආර්ථික කළමනාකරණය පිළිබඳ කිසිදු අවබෝධයකින් කටයුතු නොකරන බව පැහැදිලි යැයි ද දීප්ති අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපි බොහෝ දෙනකු රුපියල් සියයක් වියදම් කළ විට එම මුදලින් රුපියල් හතළිහක් ම පිටරටට ඇදී යන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

