මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසක : මිලියන 2.87 ලංකා මුදල් 

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසක : මිලියන 2.87 ලංකා මුදල් 

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී  ‘ශ්‍රී ලංකා රුපියල්' මිලියන 2.87ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බරපතල මුල්‍ය අක්‍රමිකතා සහ දුෂණ  සම්බන්ධව චෝදනා ලබා සිටින  මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ එම පවුලට අයත්  ස්ථාන හයක් පසුගිය 16,17 යන  දිනවල පරීක්ෂා කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කල අතර එහිදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත. 

මෙම පරීක්ෂාවේ දී  මිල අධික අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ මළු  72ක් ආරක්ෂක අංශ සොයාගෙන ඇත. 

මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කර තිබෙන අතර  මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ කරනු ලැබූ බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ. එසේම හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබු ‘1 මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඩ්’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති අතර මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න